North:මා කියූ දේ හිටපු ජනපති ඇහුවා නම් මම මෙතන නැහැ-මෛත්‍රි

 

 

IMG_9992

 

 

යාපනයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසිනි.

අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත් විය.

එහිදී උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු විය.

ජනතා ගැටලු විසඳීමේදී උතුරු, දකුණු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා පැවසුවේ, ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට වත්මන් රජය කැපවී සිටින බව ය.

මාව ජනාධිපතිවරයා වශයෙන් රටේ ජනතාව පත් කර ගත්තේ, ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ඉතාමත්ම සතුටුයි ඒ ප්‍රශ්න අහගෙන ඉන්න. ඒවාගේම ඊට වඩා සතුටුයි ඒ ප්‍රශ්ණ විසඳන්න. ඒ නිසා මේ ප්‍රශ්ණ විසදන්න අපි සියලු දෙනාම සහෝදරත්වයෙන් එකට කටයුතු කිරීම අවශ්‍යයි. අපි ඉඩම් ප්‍රශ්ණය සම්බන්ධයෙන්, මේ කෙටි කාලය තුල ඉඩම් ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රමුඛත්වයක් දිලා තියෙනවා.

හිටපු ජනපතිවරයා තමන් සිදු කළ ඉල්ලීම් ඉෂ්ට නොකිරීම පිළිබඳව තමන් වර්තමානයේ සතුටු වන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසී ය.

මම ඇමතිවරයෙක් විදියට ඉන්න කාලේ ඉදන් ඒකාලේ ජනාධිපතිතුමාට කිව්වා ඔය වැඩේ කරන්න කියලා හිටන්. ඒ විතරක් නෙවෙයි නැගෙනහිරත් එක කරන්න කියලා මම ඒකාලේ කිව්වා. ලේකම්වරුත් ඒ විදියට වෙනස් කරන්න කියලා මම ඉල්ලීම් කළා ඒ කාලේ. නමුත් ඒකාලේ එක වුනේ නැහැ.හැබැයි මම ඒ ගැන සතුටු වෙනවා. ඒ නොකරපු නිසා තමයි මම ජනාධිපති වුණේ

මේ අතර බුදු දහමේ ඉගැන්වීම් යොදා ගනිමින් මනා ලෙස දේශපාලන ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි බව එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

අපේ දේශපාලන ගැටලු ඔළුවෙන් විසඳන්න බෑ. ඒවා විසඳිය යුත්තේ අපේ හදවත්වලිනුයි. අපේ සිත්වල ඇතිකර ගන්නා වෙනස් කම් තුළින් අපිට අපේ ආකල්ප වෙනස් කර ගන්න පුළුවන් වෙනවා. අපිට නිර්වානය අත්කර ගන්න බැරි වෙනවා.අනිත් විදියට කිව්වොත් මෙත්තා, කරුණා, මුදිතා, හා අපේක්ෂාව අපේ ජීවිතවලට ළඟා කර ගන්න බැරි වෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ද මෙහිදී අදහස් පළ කළේ ය.

[vsw id=”/DpI14gNqGpg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

මන්ත්‍රීවරයා එහිදී විවෘත ඉල්ලීමක් කරමින් පැවසුවේ, මම විවෘතව මම ඉල්ලීමක් කරමින් පැවසුවේ, ක්‍රෝධය ඇති ‍නොවන අයුරින් සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතුව ඇති බව ය.

මේ අතර උතුරු පළාත් සම්බන්ධිකරණ රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නල්ලූර් කොවිලේ ආගමික වතාවත්වල නිරත විය.

පසුව යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති ජනාධිපති මන්දිරය ද ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබී

I will listen to the north

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!