Paddy:අමුඩය සමග පෙරට

 සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වී සඳහා සහතික මිලක් ඉල්ලමින් අද (9 )කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.මාළිගාවත්ත වී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසල සිට කොටුව දක්වා පා ගමනින් පැමිණි විරෝධතා පුවරු රැගත් ගොවීහු අමුඩ ගසා උද්ඝෝෂණයට එක්වූහ

paddy1

 

 

ආණ්ඩුව කියන මිලට වී විකුනා ගැනීමට ගොවියන්ට නොහැකිවී ඇති බවත් වී කිලෝවක මිල 40ක් බවට නීතිගත කළ යුතුය බවත් වත්මන් ආණ්ඩුව ගොවියන් වහල් ශ‍්‍රමිකයන් බවට පත්කර ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (11) පෙරවරුවේ කොළඹ නිපෝන් හෝ‍ටලයේ පැවති මාධ්‍ය හමුවඅමතමිණි. එහිදී එම ගොවිජන සම්මේලනයේ උප ලේකම් ටී.බී. සරත් මහතා සහ විධායක සභික සුසන්ත කුමාර නවරත්න මහතාද අදහස් දැක්වීය.

නාමල් කරුණාරත්න මහතා දැක්වූ අදහස්…

“මේ වනවිට වී අස්වැන්න විකුණාගත නොහැකිව වී ගොවියන් මහත් අපහසුතාවයකට පත්ව තිබෙනවා. රට පුරාම සුළු වාර්මාර්ගවල වී අස්වැන්න නෙළා අවසන් වන අතර මහා වාරිමාර්ග වී අස්වැන්න නෙළීම ආරම්භ කොට තිබෙනවා. වී මිල අධික ලෙස පහළ බැහැලා. ආණ්ඩුවම කියන පරිදි වී කිලෝවක නිෂ්පාදන වියදම මේ වනවිට රු.31ක් වෙනවා. නමුත් ආණ්ඩුව සහතික කර තිබෙන්නේ නාඩු වී කිලෝවකට 32කුත් සම්බා වී කිලෝවකට රු.35කුත් පමණයි.

 

අනෙක් පැත්තෙන් ගොවියට තවත් ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා. ආණ්ඩුවේ මධ්‍යස්ථානවලදී වී වල තෙත බර 14%ක් විය යුතුයි කියලා කොන්දේසියක් තියෙනවා. ගොවියා කොහොමද වී වේලාගන්නේ. ඉතිං ආණ්ඩුවේ වී මිලදී ගන්නා ස්ථානවලදී වී ප‍්‍රතික්ෂේප වෙනවා. ගොවියන් දවස ගානේ පෝලිමේ ඉඳලා,ලොරි කුලී ගෙවලා මධ්‍යස්ථානවලට වී ගෙනල්ලා ආපසු ගෙදර ගෙනියන්න වෙලා. ඔවුන්ට අමතරව ප‍්‍රවාහන ගාස්තුවකුත් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා ගොවියා ආණ්ඩුවේ වී මිලදී ගන්න මධ්‍යස්ථානවලට යන්න බයයි. ඒ නිසා මෙම ආණ්ඩුවේ 32කේ මිලට වී දෙන්නේ මුදලාලිලා පමණයි. ගොවියන්ට තමන්ගේ වී ටික වකුණාගන්න විදිහක් නැහැ. මුදලාලිලා, අතරමැදියෝ ගොවියගෙන් රු. 17ට 18ට 20ට වී අරගෙන 32කට වී විකුණනවා. දවස් දෙක තුනක් ඇතුලත රු.12ක ලාබයකුත් ලබනවා. ගොවියා රු.31ක් වී කිලෝවකට වියදම් කරලා රු 17, 18, 20ට වී කිලෝවක් විකුණනවා.

මේ ගණුදෙනුවට ආණ්ඩුවේ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. තැරැව්කාරයන් හරහා ඔවුන් කොමිස් ලබාගන්න මේ ආකාරයේ ගණුදෙනු සිදුකරනවා. මුදලාලිලාගේ වී වලට 14% තෙත බර අදාල නැහැ. ආණ්ඩුව ගොවියා ගැන හිතනවා නම් තෙත හිඳින යන්ත‍්‍ර සවි කරලා ගොවියගේ වී ටික සහතික මිලට ගන්න  ඕනෑ. නමුත් ආණ්ඩුව ගොවියා ගැන හිතන්නේ නැහැ. පොළව එක්ක පොරබදලා ලබාගන්න වී ටික කොමිස්කාරයන් කොල්ලකනවා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. අපි ආණ්ඩුවට බලකරනවා තෙතබර බලන්න ලෑස්තිවෙන්න එපා කියලා. ගොවියට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරන්න කියලා අපි බලකරනවා.

 

 

paddy

මේ වනවිට ගොවීයන් පාරට බැහැලා, උද්ඝෝෂණය කරලා, පොස්ටර් ගහලා, ජනාධිපතිතුමාට ලියලා ඉල්ලා සිටින්නේ වීවල සහතික මිල රු.40/=ක් කරන්න කියලයි. එය නීතියක් බවට පත්කරන්න කියලයි. ආණ්ඩුවට ඒකට කිසිම වියදමක් යන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කර ගත හැකියි. නමුත් ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. සහතික මිල පාර්ලිමේන්තුවේදී නීතිගත කළොත් ගොවියාට තමන්ගේ වී ටික තුට්ටු දෙකට දෙන්න වෙන්නේ නැහැ. අතරමැදියට වී අඩු මිලට ගන්න බැරි තත්වයක් උදාවෙනවා. එවිට රටේ නීතියක් නිසා ගොවියට සහතික මිලට වී ගත්තේ නැත්නම් අධිකරණ කි‍්‍රයාමාර්ගවලට යන්න පුළුවන්. වක්කඩෙන් අතහෝදගෙන දේශපාලනයට ආ ගොවියෙකුගේ පුතෙක් විදිහට ගොවියන්ට මේ විදියට සලකන්නේ මොකද කියලා අපිට තේරෙන්නේ නැහැ

 

 

 

 

ටී. බී. සරත් මහතා දැක්වූ අදහස්…

“ආණ්ඩුව ගැසට් කරන ලද වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ලේඛනයට අනුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ එක වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්වත් නැහැ. වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් දක්වන ගොවි දිස්ති‍්‍රක්කයක් වූ පොළොන්නරුවට වී මිලදී ගන්න ආණ්ඩුවේ මධ්‍යස්ථානයක් නැහැ. එයින්ම පේනවා ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ ප්‍රෝඩාව මොකක්ද කියලා. පරාක‍්‍රම රජුතුමාගේ වී නිෂ්පාදනාගාරය වූ පොළොන්නරුවට ආණ්ඩුව සලකන්නේ මෙහෙමයි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිවරයා පොරොන්දුවුණු කිසිවක් මේ වනවිට ඉෂ්ට කරලා නැහැ. ගොවියන් උකස් කරපු රත්තරං බඩු ටික තවමත් උකස් මධ්‍යස්ථානවල. ගෙවියන්ගේ වගාහානිවල තවමත් ශතයක් ගෙවලා නැහැ. දිගටම මේ ආණ්ඩුව කළේ ගොවියන් රවටන එක පමණයි.

 

paddy33

 

මේ වනවිට පොළොන්නරුවේ මෝල්වල 70%ක පමණ තෙත හිඳින යන්ත‍්‍ර සවිකරලා. වී මෝල්හිමියන් පමණයි සහතික මිලට වී විකුණන්නේ. ගොවියන්ගේ නොදැනුවත් කම පාවිච්චි කරලා අතරමැදියන් 20 – 22ට වී මිලදී ගන්නවා.

 

 

 

 

[vsw id=”/PV2N6PMawoY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

 

 

 

 

paddy needs certified price

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.