Passport:සෂී ගේ පිටිපස්සෙන් විමල්

ශෂී වීරවංශට අවිධිමත් ගමන් බලපත‍්‍රයක් සකස් කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආධාර අනුබල නොදුන්නා සේ හැසිරෙන බවත් වරදට අනුබල ලබාදීමේ චෝදනාව මත විමල් වීරවංශව අත්අඩංගුවට ගන්නා ලෙස  ඉල්ලා සිටින බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසුවේය.
b2ebc33371d4e1135bbbb
ඔහු මේ බව පැවසුවේ  හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) පැමිණි අවස්ථාවේය.
අාගමන විගමන පනත යටතේ එය බරලතල වරදක් නමුත්  විමල් වීරවංශ නීතිය තුට්ටු දෙකකට මායිම් නොකර හැසිරන බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා පැවසුවේය.
අාගමන විගමන පනත බලාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් බුද්ධදාස මහතා මෙහිදී පැවසුවේය.
[vsw id=”/kpOOcXBd1qs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
wimal is also involved in making forged passport

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!