Police:නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක විශ්‍රාමයට

f359c93a91e50dad5f7a0ba716a83878_L

හතළිස්‌ දෙවසරක සේවා කාලයක්‌ සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඊයේ (17 වැනිදා) සේවයෙන් විශ්‍රාම ගියේය.

1973 වර්ෂයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස පොලිස්‌ සේවයට එක්‌වූ සේනානායක මහතා විවිධ නිලතල දරමින් රටේ ප්‍රදේශ රැසක සේවය කළේය. කොළඹ ප්‍රදේශයේදී කටයුතු කල කාලය  තුළ ඔහුගේ සේවාව පිළිබඳව දැඩි මතභේද  ඇතිවිය.

විශ්‍රාම යාමට තවත් මාස ගණනාවක් තිබියදී අනුර සේනානායක මහතා මෙම ඉල්ලා අස්වීම භාර දී තිබීම සම්බන්ධව පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නැත.

කෙසේවුවද ඔහුට එරෙහිව ලැබී ඇති බරපතල  සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විෂය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ.

විශ්‍රාම යාමට නියමිත වයස පසුව තිබියදී පවා, රාජපක්ෂ පාලනයෙන් සේවා දිගු ගණනාවක් ම ලබා ගනිමින් අනුර සේනානායක මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවක් තබා ඇත.

ජනප්‍රිය ගායකයකු ලෙස කලාවට සම්බන්ධ වී සිටින අනුර සේනානායක මහතා “මාගේ කිරිල්ලී” ගීත කැසට්‌ පටය නිර්මාණය කර ඉන් උපයාගත් රුපියල් කෝටියක මුදලක්‌ පොලිස්‌ සුබසාධක සංගමයට පරිත්‍යාග කළේය. ගීත කීපයක් විකිණීමෙන් මේ තරම්මුදලක් හොයාගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවූ නමුත් කොහෙන්වත් පිළිතුරක් ලැබුනේ නැත. විශ්‍රාම යැමෙන් පසු පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වීමට අනුර සේනානායක මහතා කටයුතු කරනු ඇත.

 Anura bids goodbye to police

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!