Police-තාජුදීන්ගේ මරණය සැකසහිතයි

 dea98c90b76a36d8a03d39347c874102_LTHAJU

පසුගිය සමයේදී අන්දෝලනයට තුඩු දුන් රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

අදාළ මරණය සැකසහිත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයෙන් ඉවත්කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ පොලිස්පතිවරයා විසින් බාරදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

2012 වසරේ මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන් මහතා ස්වකීය මෝටර් රථය සමගින් ගිනිගෙන ජීවිතක්ෂයට පත්ව තිබුණි.

 

එම අනතුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගතව ඇති බවට අනාවරණය වී ඇති බවයි.

 

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණි. නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ පවතින තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බවයි.

 

මෙම මරණය පිළිබඳව රස පරීක්ෂණ වාර්තාව පොලිසියට ලැබුණේ මෙයින් සති දෙකට ඉහත යයි කියා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, එය ස්වාභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ සාක්ෂි අනුව තහවුරු වන බවයි සඳහන් කළේ.

Ruggerrite  thajudeen’s death is suspicious

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.