Police Politics-පොලිස් කඹ ඇදිල්ල

downloadlangakoon

නිර්දේශපාලනික පොලිස් නිලධාරියෙක් සේ සැලකෙන පොලිස්පති එන කේ ඉලංගකෝන් ලද අවසරයෙන් පොලීසිය දේශපලනකරණයෙන් ගලවා ගැනීමට උත්සාහ කරමින් සිටී.

පොලිස් නිලධාරීන් මහජන සාමය,ආපදා කළමණාකරන හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශය වෙත නොයන්නයැයි මීට කෙරුණු නියෝගයක් මතක් කර් දීමට පොලිස්පතිවරයා තීරණ කොට ඇත.

පොලිස්පතිවරයා පවසන් පරිදි මහජන සාමය,ආපදා කළමණාකරන හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශයට විවිධ අවස්ථාවන්හිදී ඇතැම් පොලිස් නිළධාරීන් පොලිසි මූලස්ථානයේ අවසරයකින් යෑම් ඊම් කරන බවට තොරතුරු අනාවරණයව තිබෙන අතර .එසේ කිරීම එම අමාත්‍යංශයේ කටයුතු වලට හා පොලිස් මූලස්ථානයේ කටයුතු වලට මහත් බාධාවකි.

මේ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබෙන අතර පොලිස්පතිවරයාගේ අවසරයක් නොමැතිව පැමිණෙන පොලිස් නිළධාරීන් හට අමාත්‍යංශට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක් ලබාදී තිබේ.එහි යෑමට අපේක්ෂා කරන පොලිස් නිළධාරියෙකුවේනම් ඒ සදහා පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත යුතුය.

වෙනත් විදියකින් ඉලංගකෝන් මහතා ජෝන් අමරතුංග මහතාට ආචාරශීලී බසින් පවසා ඇත්තේ’ඇමතිතුමා අමත්‍යංශය හරහා පුළුල් ප්‍රතිපත්ති රාමුව බලා ගන්න මම නිලධාරීන් බලාගන්නම් ‘කියාය.

images (84)police

  අමාත්‍යංශයට දිරවන්නේ නැත

මේ ප්‍රවේශය අමාත්‍යංශයට දිරවන්නේ නැති බව ප්‍රසිද්ධ රහසකි.

විශේෂ රැුස්වීමකට සහභාගී වන්නැයි කිසියම් පොලිස් නිළධාරියෙකුට අමාත්‍යංශයෙන්  කැදවීමක් ලැබුණහොත් එම නිළධාරියා වහාම පොලිස්පති දැනුම්වත් කිරීම සිදුකර අවශ්‍ය  අවසරය ලබා ගනීමටත් පොලිස්පතිවරයාට නියෝග කිරීමට සිදුවී ඇත.

අමාත්‍යංශයේ කටයුතු නිමවීමෙන් පසු එහිදී සිදුවූයේ කුමක්දැයි සදහන් වාර්තාවක් පොලිස්පති වෙත ලබාදිය යුතු බවත් පොලිස් පතිවරයා තමන්ගේ නිලධාරීන් දැනුවත් කොට ඇත.

 

police-women

 

 මහින්ද බාලසූරිය

අමත්‍යංශයේ නිලධාරීන් කියා සිටින්නේ පොලිස්පතිවරයා අමාත්‍යංශය පාලනය කිරීමට උත්සාහ කරන බවයි.

පසුගිය කාලයේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ව සිටි හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පොලිස්පතිවරයා පිළිබඳව තැකීමක් නොකොට රාජපක්ෂ ආණ්ඩුව දිනවීමට කටයුතු කළ බව වාර්තා වූ අතර ඉතා දුෂ්කර තත්වයන් යටතේ කටයුතු කළ එන කේ ඉලංගකෝන් මහතාගේ මැදිහත්වීම සාධාරණ මැතිවරණයකට හේතු වූ බව බෝහ දෙන පිළිගනිති.

කඹ ඇදිල්ලක් ආරම්භ වී තිබේ.එක් පාර්ශවයක් ජය ගැනීමට ඇති ඉඩ මෙන්ම කඹය කැඩී  යාමටත් ඉඩක්ඇත.

De politicising the police force

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.