Politics:කාටවත් මැදමුලන මහින්ද නවතනු බැහැ

 

 

 

01

 

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ප්‍රමුඛ මහජන නියෝජිතයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්  පැවැත්වින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පසුගිය මැතිවරණයේදී තමනට උපකාර කල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සඳහා සූදානම් කර තිබූ එම හමුව සඳහා කළුතර දිස්ත‍්‍රික් පළාත් පාලන මන්ත‍්‍රිවරුන් 140ක පමණ පිරිසක් ගොස් තිබේ.

ඔවුන් සියළු දෙනා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නැවත දේශපාලනයට ඕනෑම ලකුණකින්, ඕනෑම පෙරමුණකින් පැමිණෙන ලෙසයි.

ගම්පහ පුංචි මන්ත‍්‍රින් මහින්ද සමග :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තමනට උදවු කල සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් අද පස්වරුවේ හමුවූහ.

දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රිවරුන් 223කින් 191ක් එහි පැමීන සිටි අතර සංවිධායකයන් කියා සිටියේ තවත් පිරිස් මග පැමිණෙමින් සිටින බවයි.

ඔවුන් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ  ඕනෑම ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙසත් තමන් දිවි හිමියෙන් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන බවත්ය.

 

08

මගේ දේශපාලනය නවත්වන්න කිසිවෙකුට බෑ :

මේ අතර, එන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කල බව යුතු බවට වූ යෝජනාවක් කොලඹ දිස්ත‍්‍රික්යේ පළාත් පාලන මන්ත‍්‍රින් අති බහුතරයක් විසින් අනුමත කර තිබේ.

කොලඹ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රිලනිප පළාත් පලාන මන්ත‍්‍රීවරුන් 131කින් 106ක සහභාගීත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කොළමදී පැවති හමුවකදී මේ යෝජනාම සම්ත කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ 58 ලක්‍ෂයක් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමනට අයිතියක් ඇති බවත් තමන් දේශපාලනය කිරීම නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත්ය.

no one can stop me coming in to politics

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!