Port City:වන්දි ගෙවීමට සිදුවේද?

 

 

 

colomboddd-1කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට  ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත්කරවන්ට පාඩු සිදුවිය හැකි අතර මේ සම්බන්ධයෙන්  චීන ආණ්ඩුව වෙතින්  දැඩි ප්‍රතිචාරයක් පල විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති. .

මීට අදාල කැබිනට් පත්‍රිකාව ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ම්හ් ලේකම් කබීර් හෂීම් කියා සිටියේ වරාය අධිකාරිය විසින්

මේ ඉදිකිරීම් කරගෙන යන්නේ මන්ද යන්න පිළබඳව ප්‍රශ්න මතුවී ඇති බවයි.

 

මේ පිළිබඳව නිකුත් කොට ඇති කැබිනට් නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

‘අදාළ ආයතනවලින් විධිමත් අනුමැතීන් ලබා නොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කර‍ ගෙන යන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ සඳහන්ව ඇත.

එම අතුරු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති සමාගමට දැනුම්දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’

gdgdg

මේ චීන ව්‍යාපෘතිය අත්හිටුවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද ප්‍රචාරක රැස්වීම්වල දී ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව පරිසරවේදීන් විරෝධය පල කල අතර කොළඹ වරාය නගරය ඉදිකිරීම නතර නොකළහොත් නඩු මගට යන බවට පරිසරවේදීන්

කිය සිටිති.

 

පරිසරවේදීන් ගෙන් එන විරෝධතා සහ දුන් පොරොන්දු හේතුවෙන් පමණක් මේ ව්‍යාපෘතිය

අත්හිටුවහොත් චීන ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාරයක් එල්ල වීමට ඉද තිබෙන බවයි දේශපාලන නීරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

 

පිළිගත් රාජ්‍ය තන්ත්‍රික සම්ප්‍රදායන් ඇතුලත කටයුතු කරමින් මේ ප්‍රශ්නය විසඳා ගැනීම යෝග්‍ය වන අතර ඒ සඳහා යම් වන්දි ගෙවීමක් සිදු කළ යුතු නම් එසේ  කිරීම දිගු කාලීනව වඩා ලාභ දායක විය හැකි  බවයි  දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

 

will the government have to pay compensation for holding up port city construction ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!