Port City: මීළඟ පරිප්පු පාර චීනයෙන්ද?

 

c3d5c28edd515bf71850442af7a9a626_XL

 

 

චීන මහා පරිමාණ ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයේදී අදහස් දක්වමින් ව්‍යාපෘතිය තුළ චීනය පැත්තෙන් වරදක් සිදු වී නොමැති බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ යැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

චීන මාධ්‍යයේ වැඩි දුරටත් සඳහන් වන පරිදි අදාළ ව්‍යාපෘතිය සඳහා පනවා ඇති තහනම තාවකාලික එකක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවේ කරුණු දක්වා ඇති බව පෙන්වා දී තිබේ.

ඔලිව් අත්තක් සමග තරවටුවක්

විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔලිව් අත්තක් සමග තරවටුවක් ද ලැබී තිබේ.

ඔලිව් අත්ත නම් චීන ආණ්ඩුව කටයුතු කරන ඉවසිලිවන්ත ස්වභාවයයි.China Communications Construction Company පවසන ආකාරයට මේ තාවකාලික වැඩ නතර කිටීම හේතුවන් දිනකට වන පාඩුව $380,000 කි.

එසේම මේ වන විටත් ගොඩ නගා ඇති දිය කඩනය හරි හැටි ආරක්ෂා කිරීමට නොහැකි වීම හේතුවෙන් හානි සිදුවී ඇති බවත් සමාගම කියා සිටී.තත්වය මෙසේ තිබියදීත් චීන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අළුතෙන් පත්වූ ජනාධිපතිවරයාගේ දේශපාලනික අර්බුදය කෙරේ සංවේදී බවකින් යුතුව කටයුතු කරන බවක් පෙනේ.

නිවැරදි නොකළ හැකි  වැරදි

තරවටුව වන්නේ චීන විදේශ අමාත්‍යංශය දිගින් දිගටම කරන ප්‍රකාශයයි.ලංකාවේ ආණ්ඩුව චීන සමාගමේ නීතිමය අයිතීන් වලට ගරු කරනු ඇති බව තමන් විශ්වාශ කරන්නේ යැයි විදේශ අමාතංශය කියා සිටී.මේ අනුව ශ්‍රී ලංකාවට පහසුවෙන් ගැලවීමේ ඉඩක් නැත.අවශ්‍ය නම් සුළු සංශෝධන කීපයක් කරගත හැකි වනු ඇත.8b4135a36931c7b37fdbe3d893413823_L

එසේ නොකළහොත් පළමුව ඉන්දියාව කලක් සේ රාජ්‍ය තාන්ත්‍රික පරිප්පු පාරවල් කීපයකුත් දෙවනුව ඊටත් වඩා දැඩි පියවර වලටත් මුහණ පෑමට සිදු වෙනු ඇත.ඡෙන ආණ්ඩුව දේශීයව හෝ අන්තර්ජාතිකව කිසිදු බලවේගයකට වග කියන්නේ නැත.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මේ ගිවිසුමට අත්සන් කලේ රටේ ජනධිපතිවරයා ලෙසිනි.ඔහුව ඡන්දයෙන් පත් කලේ මේ රටේ ජනතාවයි. ඔහු කළ වැරදි  අතර පහසුවෙන් නිවැරදි නොකළ හැකි  වැරදි ඇති බව වටහා  ගෙන ඒ අනුව කටයුතු කිරීම හැරෙන්නට කල හැකි වෙනත් යමක් නැති බව තේරුම් ගත යුතුව ඇත.

port city will go ahead

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!