President:ජනාධිපතිතුමන් දැඩි වෙහෙසින්

 

 

sirivvvv

තම සොහොයුරා ගේ මරණයෙන් ශෝකයට පත්ව සිටින ජනාධිපතිවරයා දිගටම තම රාජකාරි කරගෙන යන බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටී.

ඉංග්‍රීසි බසින් ආසියාතික කටයුතු පිළිබඳව බොආ සමුළුව ඇමතු ජනාධිපතිවරයා  කියා සිටියේ ලෝකයේ වැඩිම දෙනා වෙසෙන කලාපය වන ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනයට සමාන්තරව  දුප්පත් කමත් පැතිරෙන  බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්ඇතිකර ගැනීම තුලින් වෙළෙඳ ප්‍රවර්ධනයක් ඇතිකර ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මිනිත්තු කීපයක් පමණක් වූ එම කථාව කරද්දී දැඩි වෙහෙසක් දැකගත  හැකිවිය.

ශ්‍රි ලංකාවේ බොහෝ දේශපාලකයින් මෙන් ජනාධිපතිවරයා තමන්ගේ පවුලේ අයට ආරක්ෂාව ලබා දී නැතැයි විදේශ මාධ්‍ය වාර්තා කොට තිබින.මේ සිදුවීමෙන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට සාමය කඩවීමක් සිදු නොවීම පිළිබඳව ප්‍රසාද ජනක සටහන් රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ පල්වෙඑක් තිබේ.අනෙක් අතට මේ සිදුවීම උපයෝගී කරගනිමින් ජනධිපතිවරයා විවේචනය කරන සටහන් ද සජ මාධ්‍යට එක්ව තිබේ.

 

ආසියානු ජනතාවගේ සමෘද්ධිය හා සංවර්ධනය පිළිබඳ පොදු ඉලක්ක කරා ලඟා වීමේ ප්‍රවේශයක් ලෙස මෙම සමුළුව වැදගත්. මෙවර සමුළුවේ තේමාව ආසියාවේ නව අනාගතය උදෙසා පොදු අරමුණක් සහිත ප්‍රජාවක් යන්නනයි. එය කාලානුරූපිව වැදගත්. ලෝක ජනගහනයෙන් 60%ක් එනම් බිලියන 7.2ක් ජීවත් වන්නේ ආසියානු රටවල එමෙන්ම මෙය ලෝක ජනගහනයෙන් බහුතර දුගී ජනතාවගේ වාසස්ථාන පිහිටි කලාපයයි. මේ නිසා ආසියානු රටවල පිබිදෙන සමෘද්ධියට සාපේක්ෂව විශාල නාස්තියක් හා අනවශ්‍ය වියදම් සිදුවෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් දින උත්සවයේදී මම මගේ රටේ ජනතාව දැනුවත් කළා. මම මගේ රටේ ජනතාවට පොරොන්දු වුණා. ආදායම් පරතරය සහ දුප්පත්කම තුරන් කිරීම අප රජයේ මූලික අරමුණයි.

 

 

 

[vsw id=”/HV4kZnFGNLM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!