President:ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහ මැතිවරණය – මෛත්‍රී

president

 

 

අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා කියා සිටියේ  ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මහ මැතිවරණය පවත්වන බවයි 

විවිධ පාර්ශ්ව සමග ඇති කරගන්නා පූර්ණ එකඟතාවයන්ට අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම සංශෝධනය සිදු කිරීමෙන් පසුව ඉදිරි මහ මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා මෙම හමුවේදී පවසා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බව ය.

අන්තර් ජාතිකව රට අභ්‍යන්තරයෙන් පැන නැගී ඇති ප්‍රශ්න සැලකිල්ලට ගැනීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බව ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ.

ජනාධිපතිතුමා පෙන්වාදී ඇත්තේ, ජනවාර්ගික ගැටලුව පිළිබඳ තීන්දු හා තීරණ ගැනීමට ත් අනාගතයේ යුද්ධයක් ඇති නොවීමට ත් ජාතික ආණ්ඩු සංකල්පය විසඳුම බව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා තමා බැවින් ප්‍රතිපත්තියක් හා දේශපාලන දර්ශනයක් මත පිහිටා ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

[vsw id=”/youtu.be/0GddNO5jNlk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!