Presidient:සොහොයුරා කෘතිම ශ්වසන යන්ත්‍රයේ

හිසට වැදුනු පොරෝ පහරකට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සොයුරු පි‍්‍රයන්ත සිරිසේන හෙවත් ‘වැලි රාජු‘ කොළඹ පෞද්ගලික රෝහලක පැය 3 කට අධික කාලයක් ගතවූ සැත්කමකට පසුව එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි එම රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවාය.

සැත්කම සිදුකරන ලද්දේ ලංකාවේ කීර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වන සුනිල් පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසිනි.

දැඩි සත්කාර ඒකකයේ සිටින ජනාධිපති සොයුරාට මේ වන විට නිසියාකාර සිහියක් නැති අතර කෘතිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් ජීවිතය හා සටනක යෙදෙමින් සිටින බවද ඔහුගේ මොළයට බරපතල ලෙස හානි සිදුව ඇති බවද රෝහල් ප්‍රකාශිකාව වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු වන ප්‍රියන්ත සිරිසේන මහතාට අද එල්ල වූ ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන ලක්මාල්, ප්‍රියන්ත සිරිසේන මහතාගේ මිත්‍රයෙකු වෙන බව සඳහන්.

අද රාත්‍රියේ සිද්ධිය ඇති වෙන අවස්ථාවේ මොවුන් දෙදෙනා එකට හිඳ ඇති අතර ලක්මාල් නැමැත්තාගේ පියා සමග ප්‍රියන්ත සිරිසේන ඇති කරගත් ආරවුලක් දුර දිග යෑමෙන් ලක්මාල් නැමැත්තා මෙම පොරෝ ප්‍රහාරය එල්ල කර ඇති බවයි අසල්වැසියන් සඳහන් කරන්නේ

 

 

 

President’s brother on life support machine

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!