Protest:සිසුන් බත්තරමුල්ලට ගෙනාවේ කවුරුන්ද?

 

child

 

 

පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝණය කළ සිසුන් එතනට පැමිණියේ කෙලෙසද යන ප්‍රශ්නය බලධාරීන් මෙන්ම දෙමාපියන්ට ඇති වී තිබේ.

උසස් පෙළ තාක්ෂණ සිසුන්ට සිදුවෙතියි කියන අසාධාරණයන්ට එරෙහිව පාසල් සිසුහු මෙම උද්ගෝෂණය සිදු කල අතර ඊට සහභාගී වූ සිසුන් ගේ දෙමාපියන් කියා සිටින්නේ

තමන් මේ පිළබඳව නොදැන සිටි බවයි.

තාක්ෂණ  විෂය  ධාරාව නිසි සැලසුමකින් තොරව හදුන්වා  දී ඇති හෙයින් ගුරුවරුන් ගේ  සහ සම්පත් වල හිඟයක්  ඇති බව සිසුන් කියා සිටිති.ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින්  මේ අවස්ථාවට එක්වුහ.

කවරාකාර ගැටළු තිබුනත් පාරට බසින්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳා ගත යුතුව තිබුන බව දෙමව්පියන් කියා සිටිති.

සම මට්ටමින් විභාගයට

උද්ගෝෂණයේ නිරත ශිෂ්‍යයින් මෙහිදී පවසා සිටියේ අඩු පහසුකම් මධ්‍යයේ ඉගෙනීම බලන පාසැල් සිසුන්ට තාක්ෂණ විද්‍යාලවල සිසුන් සමග සම මට්ටමින් විභාගයට මුහුණ දීමට සිදුවීම අසාධාරණ බවයි.

මෙම විභාගය සදහා ප‍්‍රථමවතාවට පෙනී සිටින පාසැල් සිසුන් වසර දෙකක් පුරා අපහසුතා රැසක් මධ්‍යයේ වුව බලාපොරොත්තු සහගතව අධ්‍යාපනය ලැබූ නමුත් අද වන විට සිසුන් අසරණ තත්වයකට පත්ව අැති බවත් පැවසුවේය. විෂය ඉගැන්වීමට ගුරුවරු නොමැතිකම සහ ලැබ් පහසුකම් නොමැතිකම මත මෙම විෂය හදාරණ 16 000ක් වූ සිසුන් අසාධාරණයට ලක්ව අැති බව ඔවුන් පැවසුවේය.

මෙම උද්ගෝෂණයට සහාය පළකරමින් ලංකා ගුරුසංගමය ප‍්‍රකාශකර සිටියේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැවැන්ත හඩක් නගමින් තාක්ෂණ විෂය ධාරාව හදුන්වා දුන්නද ඒ සදහා විධිමත් ක‍්‍රමවේදයක් ඇති නොකළ බැවින් සිසුන් බොහෝමයක් අපහසුතාවට පත්ව ඇති බවයි.

තාක්ෂණ විෂය හදාරණ සිසුන්ට NVQ3 මට්ටමේ සහතිකයක් ලබා දෙන බව පොරොන්දු වී තිබුණද අද වන විට සාමාන්‍ය NVQ සහතිකයක් ලබාදෙන බව පවසා සිටීම ද අසාධාරණයක් බව පැවසුවේය.

සිසුන්ට බාහිර අයදුම්කරුවන්

බලධාරීන් පසුගිය ජනවාරි 23 වන දින විදුහල්පතිවරුන් දැනුවත් කරමින් ප‍්‍රකාශකර ඇත්තේ මෙම විෂය හදාරණ පාසැල් සිසුන්ට බාහිර අයදුම්කරුවන් සමග විභාගයට වාඩි වීමට ඉඩ නොතබන බවයි.නමුත් අද වන විට තාක්ෂණ විද්‍යාලවල සිසුන් සමග සම මට්ටමින් විභාගයට මුහුණ දීමට සිදුව ඇත.

තාක්ෂණ විද්‍යාලවල සිසුන්ට මෙම විෂය සම්බන්ධව පූර්ණ දැනුමක් ලබාදෙන අතර පාසැල් සිසුන්ට එම සම අධ්‍යාපන මට්ටම ලබා නොදෙන බැවින් මෙම දෙපිරිසට එකම විභාගයකට මුහුණ දීමට සිදුවීම විශාල අසාධාරණයක් බව ඔවුන් පැවසුවේය. එසේම තාක්ෂණ විද්‍යාල තුළ පමණක් ඇති විෂයන් මේ විභාගයේදී අයදුම් කිරීමට ඉඩදී ඇති අතර ඒවා පාසැල් තුළ නොමැති විෂයන් වීම ද පාසැල් සිසුන්ට විශාල අසාධාරණයක් බව පවසා සිටියේය.

[vsw id=”/eEzs-8BHjF4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

student protest in front of education ministry

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.