Rajapaksha දුෂණ වලින් නිදහසක් නැහැ-හර්ෂ

 

 

downloadharsha

 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුට සහය දුන් කණ්ඩායම් රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව දූෂණ, වංචා හා අපරාධ චෝදනා ‍රැසක් එල්ල කළ මුත් මෙම දූෂිතයින් අත් අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියා මාර්ගයක් තවමත් සිදු නොවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ලංකාඩේලී කළ විමසීමකදී ඔහු පැවැසූවේ අදාල වංචා දූෂණ සම්බන්ධයෙන් නිවැරදී සාක්ෂි සියල්ල ගොනු කර ගැනීමකින් තොරව අත් අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමකදී එම දූෂිතයන්ට නිදහස් වීමේ ඉඩකඩ වැඩි බවය. මේ නිසා දුෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමට අවශ්‍ය සාක්ෂි සහිතව නීතිමය පියවර ගැනීම විය යුතු බවද ඔහු පවසයි.

 

මේ සම්බන්ධයෙන් තමන් පසුගියදා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් අගමැතිවරයා පවසා සිටියේ මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා දූෂණ වංචා පි‍ටු දැකීම වෙනුවෙන් පිහිටවූ කමි‍ටුව විසින් අදාල දූෂණ වංචා සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සිදුකරමින් පවතින බවත් ඔහු පැවසීය.

 

එමෙන්ම තමන් විසින් පසුගිය කාලයේ හෙළිදරව් කරන ලද දූෂිත ගණු දෙනු පිළිබඳව තවදුරටත් කරුණු හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් ඒවා ඉදිරි දින කිහිපයේදී ප්‍රසිද්ධ කිරීමටද බලාපොරොත්තුවන බවත් ඔහු පැවැසීය. මේ අතර කිසිවකුත් මෙතෙක් නොදැන සිටි දූෂණ වංචා ‍රැසක්ද හෙළිවී තිබෙන බවද ඔහු පැවැසිය

financial  crime of the Rajapaksha regime is being dealt with

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.