Ranil:එන්න කියාපිය-උත්තර දෙන්න….

2010 න් පසුව ‍කොළඹ කොටස් වෙළඳපලේ සිදුවීයයි කියනු ලබන අයථා ගනුදෙනු ගැනසෙවීමට තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය වී තිබේ.

එබැවින් එවැනි තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්ට තම යෝජනාව බාරදී ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාප්‍රකාරව තේරීම්කාරක සභාවක් පත්කරනු ලබන්නේද නැද්ද යන වග හා අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරන්නේදැයි යන්න පිළිබඳ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇති බව සඳහන්ය.

 රනිල් අගමැතිකමෙන් යන්න

 

Ficate1_600px_15_03_18

අයථා බැදුම්කර ගනුදෙනුවකට සම්බන්ධව යැයි කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙසත්, ඔහු එම ධුරයට පත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සමාව ගෙන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් කියමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙකුත් හවුල්කාර පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

 

මෙම බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඔවුන් මෙහිදි ඉල්ලීමක් කළේය.මේ උද්ගෝෂණයට සහභාගී වූ කීප දෙනෙකුටම අල්ලස් සහ දුෂණ චෝදනා ඇත.

 

 

 

Protest against ranil

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.