Ranil:මාධ්‍ය ඩීල් එකක් දාගෙනද?

 

downloadhiru

 

 

තමන් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු ‘හිරු ටී.වී’ වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් ‘සිරස ටී.වී’ ආයතනය දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය.

මේ ඇත්තෙන්ම පරණ ගැටලුවක්ය් .සිරස අයිතිකරු කිලී මහරාජා ස රනිල් වික්‍රමසිංහ යනු බලා න්‍ය්ෂ්ටින් දකක. මේ මේ බල කේන්ද්‍ර දෙක තමන්ට වාසිදායක අවස්ථාවලදී එකිනෙකා හා  ගැටෙති.

මේ ගැටළුව දේශපාලනිකව බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පරිණත  විය යුතුය. සැබවින්ම මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නයක් නොවේ.

ජනාධිපතිවරණ සමයේ ද රූපවාහිනි නාලිකා 3 ක් තමන්ගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබූ බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළ අනුපිළිවෙලින් ඒවා ලබාදුන් බව ද කියා සිටියේය.

ඒ අනුව, අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු මුල්ම සම්මුඛ සාකච්ඡාව ‘හිරු ටී.වී’ වෙත ලබාදුන් අතර, ඉල්ලීම් කළ අනුපිළිවෙල මත අනෙක් නාලිකා වෙත ද එවැනි සාකච්ඡා ලබාදෙන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේය. අගමැතිවරයාට තමන් කැමති නාළිකාවකට සම්මුඛ සාකච්ඡා ලබා දිය හැකි අතර තමන් වෙත නොපැමිණීම පිළිබඳව මැසිවිලි  නැගීමේ අයිතිය සිරස සතුය.එහෙත් වඩාත් බැරෑරුම් වන්නේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නැගෙන චෝදනාය.

 

Image result for reno silva

 

 

දුමින්ද සිල්වා

දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට එරෙහිව පැන නැගී ඇති චෝදනා ඉදිරියේ ඔහු ආරක්ෂා කිරීමට තමන් කි‍්‍රයා කරන බවට, පසුගියදා සිරස ටී.වී ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වී සිටි එම ආයතනයේ ප‍්‍රශ්න විචාරකයෙකු කෙලින්ම කියා සිටි බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඇත්ත වශයෙන්ම සිරස පමණක් නොව මේ රටේ බොහෝ දෙනා

දුමින්ද සිල්වා හට එල්ල වී ඇති මත ද්‍රව්‍ය ච්දන සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන් ආකාර ප්‍රශ්න කරති.

 

හිරු ආයතනය සමග තමන් ඞීල් දමා ඇති බව ද එම ප‍්‍රශ්න විචාරකයා කියා සිටි බව අග‍්‍රාමාත්‍යවරයාගේ කියා සිටි අග්මත්වාර්ය කල යුත්තේ මේ ඩීල් මොනවාදැයි හෙළිදරව් කරන ලෙස කියා සිටීමයි.

හිරු අයිතිකරු රෙනෝ සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරඟ කිරීමට ඉල්ලා සිටින බව වාර්තා වී ඇති අතර එය එසේ නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කියා නැත.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ද සිරස නාලිකාවේ වාර්තාකාරිනියක් මේ මතවාදයම මතුකරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන් ප‍්‍රශ්නයක් විමසූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ වර්තකරිනිය නැගුවේ ප්‍රශ්නයකි. මාධ්‍ය හමු පවත්වන්නේ ප්‍රශ්න ඇසීමටය. ඇයට මේ ප්‍රශ්නය ඇසීමේ අයිතිය තිබිය යුතය.

” රූපවාහිනි නාලිකා සම්මුඛ සාකච්ඡා ඉල්ලා ඇති අනුපිළිවෙලට ඒවා ලබාදීමට තමන් කි‍්‍රයාකර තිබියදී හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාව ලබාදීම ඞීල් එකක ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වාදීම සාධාරණ නැහැ. විද්‍යුත් මාධ්‍ය අතර තරඟකාරිත්වයක් පවතින නිසා එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටීමට අනෙක් නාලිකා උත්සාහ දරනවා. එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඈදා ගැනීමත්, අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීමත් පිළිගන්නට බැහැ. ” යයි පැවසු අගමැතිවරයා, නීතිය ඉදිරියේ තිබෙන කටයුතුවලට තමන් බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කළේය.

රටේ අගමැතිවරයා හැටියට විවේචන  වලට මුහුණ දීමට වික්‍රමසිංහ මහතා පරිනත විය යුතු අතර රටේ අගමැතිවරයා විවේචනය  කිරීමට තරම් නිදහසක් ඇති කිරීමට තමන්ද දායක වී  සිටීම ගැන වික්‍රමසිංහ මහතා සතුටු විය යුතුය.

මේ කාව  හෝ රැගෙන යෑමට සුදු වෑන් එකක් එවන්නේ නැතිව මේ ගැන කථානායකවරයාට පැමිණිලි  කීරීම ගැන රට වැසියා සහ මධ්‍යවේදියා වික්‍රමසිංහ මහතාට ස්තුතිත්වන්ත ත විය යුතුය.

ranil complains on accusation on media deal to speaker

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!