Ranil:සිහිනය මායාව වන දා

 

 

 

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු  විසි හය දෙනෙක්  විමල් සහ සමාගමේ රත්නපුර රැළියට සහභාගී වීම එක්‌සත් ජාතික පාක්ෂිකයින් සහ අගමැති රනිල් වික්‍රමසිංහට අතිශයින්ම ප්‍රීතිදායක පුවතක් වන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර වශයෙන්ම දෙකඩ  වන බව පැහැදිලි විය.

මීළඟට කර ගත යුතුව ඇත්තේ මේ රැස්වීමට ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන නාමයෝජනා ලබා ගැනීම බ්ලොක් කරවීමයි.හිත මිතුරු  නිමල් සිරිපලයන් ලවා  ඒ  වැඩේ කර ගැනීම ඒතරම් අපහසු නොවනු ඇත.

ඉන් අනතුරව එළඹෙන මැතිවරණයේදී දෙකඩ වුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පරජය කිරීම එතරම් අපහසු නොවනු ඇත යන්න රනිල් ගේ ගණන් බැලීම වනු ඇත.

එහෙත් රනිල් ගේ ගණන් බැලීම බරපතල ලෙස වැරදී යාමට ඉඩ ඇත.

 

sate_minister

 

 නිල් පාට ලේ තියෙන උදවිය

මහින්ද රාජපක්ෂ වටා රැල්ලක් ගොඩ නැගෙමින් තිබෙන බව පෙනේ. මැතිවරණය ළඟ වෙත්ම සියළු ශ්‍රී  ලංකා නිදහස් පාක්ෂිකයින් එක්ව තරඟ කිරීමට ඉඩ ඇත. මොන මොන වෙනස්කම් තිබුනත් අපි ඔක්කොම නිල් පාට ලේ තියෙන උදවිය කිඅමින් එකට එක්විය හැකිය.මහින්දට නිමල් සිරිපල සිල්වා අදින් පසෙකට තල්ලු කර ගැනීම ඒ තරම් අසීරු නොවනු ඇත.එදාට රනිල් ගේ සිහිනය මායාවක් වනු ඇත.සුළුජාතීන් ගෙන් ලබන සහයෝගය හේතුවෙන් රනිල් අන්ත පරාජයකට පත් නොවුවත් හිතන තරම් ජයග්‍රහණයක් ලබා ගත නොහැකිවනු ඇත.

රනිල්ගේ ජයග්‍රාහී සිහිනය සැබෑ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වීම පිලිබඳ වුවමනාවට වද විශ්වාශය නොතබා  තමන් වඩා  හොඳ ආණ්ඩුව යැයි ඒත්තු ගැන්වෙන පරිදි

වැඩ කිරීම වඩත් ප්‍රතිපලදායක විය හැකිය.

විෂයන් කීපයකින්ම අසමත්

මේ තාක් ලැබූ ප්‍රතිපල සමාලෝචනය කළ හොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නිදහස්කාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳව ඒ ශ්‍රේණියේ සමර්ථයක් ලබා ඇති නමුත්

හොරු ඇල්ලීම, ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය හෙළිදරව් කිරීම,සංස්ථා මණ්ඩල ආදියේ පරිපාලනය පිහිටුවීම ආදී ප්‍රධාන පෙළේ විෂයන් කීපයකින්ම අසමත් වී ඇත.

මේ තත්වය මග හරවාගෙන ජනතාව කෙරේ විශ්වාශය තබා මැතිවරණයට යාම වඩා ප්‍රතිපලදායක  විය හැකිය

ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුව යනු සියළු හොරුන්ට එක රොත්තට සිටිය හැකි අම්බලමක් මිස වෙන යමක් නොවන බව මතක තබා  ගැනීම මැනවි.

 

Ranil’s dreams may shatter

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.