Ranil මාධ්‍යයට තර්ජනයක්-නලින් සිල්වා

nalins

මාධ්‍ය නිදහසට බියකරු තත්ත්වයක් උදාවෙමින් පවතින බවත්,අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට තර්ජනය කරන බවත් හිටපු රාජපක්ෂ පාලනය යටතේ තනතුරු රාශියක් හොබවමින් එම පාලනයට ආවැඩූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. පෙර පැවති මාධ්‍ය නිදහස සහ සදාචාරය අද නැති වී බවත්, අපේ කථා ඇසීමට දෙන්න කෙනෙක් නැති වී බවත් කියා සිටියේ ඊයේ(24) කොළඹ පැවති ‘ජාතික බලය’සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ රනිල් අගමැතිවරයා බවට පත්කිරීමට නොවන බවත්, අගමැති ධූරය රනිල් විසින් පික් පොකට් ගසා ඇති බවත්, ඒ අනුව ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමද අනුමත කළ නොහැකි බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් සිල්වා මහතා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති ධූරය පික්පොකට් ගැසූ අන්දමින් ජනාධිපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති ධූරය , හිටපු ජනපතිගෙන් පික්පොකට් ගැසූ බව ඔහු කියා සිටියේය. පික් පොකට් ගැසූ තනතුරක් බව දන්නා නිසාම රනිල් වික්‍රමසිංහ මහතා බියට පත්වී මාධ්‍යයට තර්ජන එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.

[vsw id=”/OWJyyArvX0I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

අද දවසේ උතුරේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු නොදන්නා බවත්, එකී තොරතුරු මාධ්‍යයට වසන් කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සිංහල පුවත්පත් වල පළවන ලිපි සම්බන්ධයෙන් තර්ජන එල්ල කළද උතුරේ උදයන් පුවත්පත සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවද හෙතෙම සිහිපත් කළේය.

යාපනයෙන් එළවා දමන ලද සිංහල ජනතාව පිළිබඳවද ,උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථානවලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ හෝ කිසිවෙක් කිසිවක් කතා නොකරන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ රටේ සිංහල ජාතිකත්වයට රනිල් බියවී ඇති බවත්, රනිල් ඔබාමාට අඳින විට ජනාධිපති මෛත්‍රී මෝඩිට අඳින බවත් මහාචාර්යවරයා කියා සිටියේය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළද දෙමළ බෙදුම්වාදය තාමත් පරාද වී නොමැති බවත්, ඒ නිසාම සිංහල ජාතිකත්වය ගොඩනැඟීමට මාධ්‍යයට ඉමහත් කාර්ය භාර්යයක් පැවරී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Ranil has no public mandate

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.