Ranil:උග්‍රම ප්‍රශ්න ද්‍රවිඩ ජනතාවටයි

“දේශපාලනඥයන් වන අපි ගහගෙන, අපි ප්‍රශ්න ඇතිකරලා හමුදාවට ඒක විසඳන්න කියලා සාමාන්‍ය මිනිසුන්ට මැරෙන්න ඉඩ දෙන්න බැහැ. එහෙම තත්වයක් මින් මතු ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ. දේශපාලනඥයන් හැටියට අපි ඉස්සෙල්ලා මග පෙන්වන්න අවශ්‍ය“ යැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා  ආරක්ෂක නිලධාරීන් කන්කසන්තුරේ හා පලාලි ආරක්ෂක මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදී කියා සිටියේය.

 

 

*යුද්ධය අවසන් නමුත් ජාතික සමගිය ඇතිවී නැහැ.

*.  අතීතය අපි ඔක්කොම දන්නවා. අතීතයේ රැඳී සිටින්න උවමනා නෑ. කොහොමද ත්‍රස්තවාදය පටන් ගත්තේ, කොහොමද ත්‍රස්තවාදයෙන් සිදුවුනේ මොකක්ද යන්න ගැන කතා කර කර සිටීමෙන් පලක් නෑ.

*ජාතික සමගිය ඇති කරන්න නම් අපි මේ රටේ දේශපාලන විසඳුමක් ඇතිකරන්නත් ඒවගේම මේ රටේ ආරක්ෂා තත්වය පිළිබඳව සැලකිල්ලෙන් ක්‍රියාකිරිමට අවශ්‍ය බවත්, අප තීරණය කර අවසන්. කිසි විටක මේ රටේ ආරක්ෂා තත්වය හානියකට පත්කරන්නේ නැහැ.

 

*අපේ විශාල බයක් තිබුණා ජිනිවා මානව හිමිකම් සම්බන්ධයෙන් අපට අවාසියක් වෙයි කියලා. දැන් අපේ නීතිය යටතේ, අපේ දේශපාලන වගකීම ඇතුලේ ක්‍රියා කරන්නට ඔවුන් අවස්ථාව දීලා තියෙනවා අපට. අප එය ඉෂ්ඨ කළ යුතුයි. එසේ කරද්දී සෑම අයෙකුගේම සහයෝගය ඇතිව ශ්‍රී ලාංකික ජාතියක් හැටියට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

* සිංහල සහ මුස්ලිම් ජනතාවටත් ප්‍රශ්න තිබෙනවා. උග්‍රම ප්‍රශ්න තියෙන්නේ ද්‍රවිඩ ජනතාවටයි. අපි කොහොමද මේ ආර්ථිකය ඇති කරන්නේ? අපි කොහොමද ජනතාව යලි පදිංචි කරවන්නේ? අපි කොහොමද කාන්තා ප්‍රධාන පවුල්වලට සහන ලබා දෙන්නේ?

* අපි සෑම දෙනාම අපේ ගම්වලට අපේ ඉඩම්වලට අපේ දේපලවලට තියෙන ලැදියාව වගේ මේ ප්‍රදේශයේ ජනතාවටත් ඒක තිබෙනවා. 

* ආරක්ෂාවට හානි නොවන විදියට  කෙටි කාලීන හා මධ්‍යම කාලය තුල ඒ අයට පදිංචි වෙන්න අවස්ථාව ලබා දීම වැදගත් වෙනවා. හමුදාව විසින් ගෙන ඇති තීරණයකට අනුව මුලික වටය සදහා අක්කර 1000ක් අප්‍රේල් මාසයේ ලබාදීමට කටයුතු කිරීම පිළිබදව විශේෂයෙන්ම මම හමුදාපතිතුමාට ස්තුති  වන්ත වෙනවා.

c73ad412169a1729e5f54f71421ef909_L*අපි පාර්ලිමේන්තු ඡන්දෙට ගියාට පසුව මම කැමතියි ඔක්කොම පක්ෂ එකට එකතු කරගෙන වැඩ කරන්න. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යටතේ ඇමතිකම් ගන්න අකමැති අය ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමයක් ඇතිකරනවා. එවිට මුළු පාර්ලිමේන්තුව එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.

* යුරෝපීය සංගමයට ස්තුති වන්ත වෙනවා. යුරෝපීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එල් ටි ටි තහනම නීති විරෝධයි, නිතියට පටහැනියි කියා තීරණය කලා.  ඒ අවස්ථාවේ මම විපක්‍ෂ නායක හැටියට යුරෝපීය සංගමයෙන් ඉල්ලීමක් කළේ ඒ තීරණයට එරෙහිව අභියාචනාවක් කරන ලෙසයි. ඊට අප සහයෝගය දක්වන බවත් මම දන්වා සිටියා.

* අපේ ත්‍රිවිධ හමුදා දියුණු කරන්න නම් බටහිර සහයෝගයත් අවශ්‍යයි. අලුත්ම යුධ ක්‍රම සහ දැනුම ඇත්තේ ඔවුන් ළඟයි.

*අපි යුද්ධ කරලා ණය වෙලා ඉන්නේ. අපේ ගම්වල විරැකියාව ඇති අතර, ආදායම් තත්වයද අඩු වෙලා.  ජනතාව රැකියා සොයා ගෙන රටින් බැහැරව යනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කඩා වැටිලා. අපේ සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ආසියාවේ ආ පස්සට යනවද නැත්නම් දකුණු ආසියාවේ, ප්‍රධාන පෙලේ රටක් බවට යළි පත්වෙනවද කියා අප තීරණය කළ යුතුයි.

*පොලිසියට යාපනයෙන්  පොලිස් කොස්තාපල්වරු 400ක් කාන්තාවන් 200කුත්  බඳවා ගැනීම හොද පියවරක් ලෙස මම බලාපොරොත්තු වෙනවා. එවගේම උතුරේ සහ නැගෙනහිර ශිෂ්‍යභට බලකාය ආපසු ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්න ඕනෑ.

[vsw id=”/qAE7wAKkX1M” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!