Rathnapura:මහින්ද අදත් නැහැ

මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් අද රත්නපුරයේදී  පැවති රැස්වීමට හිටපු ජනාධිපතිවරයා සහභාගී නොවීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී නොවූ අතර ඊට පණිවුඩයක් එවා තිබුණි.

 

ලබන මහා මැතිවරනයේදී තරඟ වැදීමට අවශ්‍ය නම් හන්දි ගානේ රැස්වීම් පවත්වන්නේ නැතිව නාම යෝජනා සඳහා ඉල්ලුම් පතක් යොමු කරන්නැයි නිමල් සිරිපාල හිටපු ඇමතිවරයා  මීට පෙර කියා සිටියේය

[vsw id=”/sTIbqPHPXX4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

අද පැවැත්වුණේ ‘දිනූ නිදහස අනතුරක – ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ පවත්වන රැස්වීම් මාලාවේ 3 වන රැස්වීම ය.

ටී.බී. ඒකනායක, රංජිත් සොයිසා, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.

vasu (1777)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!