Rathnasiri:මහින්ද අගමැති කරන්න මම නැහැ

“නායකයයි කියලා කිව්ව පලියට විරුද්ධ පක්ෂයක් වෙන්නේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. දැන් අපිත් ආ‍ණ්ඩු පක්ෂයේනේ…” යැයි හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කළුතර දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකිනි.

 

 

ඉන් උපුටාගත් කොටස් කිහිපයක් පහත පළ වේ.

දැන් තියෙන්නේ මහ අච්චාරුවක්…

හිටපු ජනාධිපතිවරයා මීළඟ මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනවට විරුද්ධ පක්ෂයේ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි කැමැත්තක් නැහැ වගෙයි නේද?

එහෙම එකක් මටනම් පේනේනේ නැහැ. හැබැයි විරුද්ධ පක්ෂයක් කියල දෙයක් අද තියෙනවද? නායකයයි කියල කිව්ව පලියට විරුද්ධ පක්ෂයක් නම් ආණ්ඩු පක්ෂය වෙනමත් විරුද්ධ පක්ෂය වෙනමත් තියෙන්න ඕනෑ. දැන් එහෙම එකක් නැහැ. දැන් අපිත් ආ‍ණ්ඩු පක්ෂයේනේ.

එතකොට අද තියෙන්නේ මොකක්ද?

මට නම් පේන විදිහට මහ අච්චාරුවක්!

මහින්ද ආවොත් ශ්‍රීලනිපය බෙදෙනවා, පරදිනවා…

යම් විදහකින් විමල්, දිනේශ් සහ උදයගේ කණ්ඩායම ඉල්ලා සිටින විදහට එතුමා මීළඟ මහ මැතිවරණයේදී ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණොත් පක්ෂය තුළ බෙදීමක් ඇති වෙන්නේ නැද්ද?

අනිවාර්යෙන්ම බෙදීමක් ඇති වෙනවා. ඒත ශ්‍රීලනිපයේ පරාජයට පවා හේතුවක් වෙන්න පුළුවන්.

මහින්ද අගමැති කරන්න මම නැහැ…

හිටපු ජනාධිපතිතුමා මීළඟ මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරවීමට බලාපොරොත්තු වන පිරිස ඒ සඳහා රැස්වීම් දෙකක් නුගේගොඩ සහ මහනුවරදී පවත්වනු ලැබුවා. ඇයි ඔබ ඊට සහභාගී නොවුණේ?

මම ඒ රැස්වීමට යන්නේ නැහැ. මොකද ජනතාව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දී තිබෙනවා. මම ඒ තීන්දුවට හිස නමනවා.

කැලෑ පාරෙන් නොයා හරි පාරෙන් එන්න…

ඉතින් ඒ තීන්දුව දී තිබෙන්නේ ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතුය කියලයි. අගමැති හැටියට පත්වෙන්න එපාය කියලා ජනතාව කියල නැහැනේ?

ඒකට අනුගමනය කළ යුතු ක්‍රමයක් තිබෙනවා. මුලින් කරන්න ඕනෑ පක්ෂයේ නාමයෝජනා ලබාගැනීමයි. ඉට පස්සෙ තමයි තරග කරන්න වෙන්නේ. ඒ විදිහට පක්ෂයේ නාමයෝජනා අරගෙන ආවොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්.

Rathnasiri Wickramanayaka will not support Mahinda

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!