Reconciliation:මෛත්‍රි-මහින්ද සමගි කරවන්න රතන හිමි

ජනාධිපති මෛත්‍රිපාල downlRATHAMNAසිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පවතින විරසකය මඟහැරවීමට කඩිනමින් මැදිහත්වන්නැයි හිටපු ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගෙන් වැඳනමස්කාර කර ඉල්ලා සිටියහ.
දෙකඩ වීමට යන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාදීමට මැදිහත්වන්නැයි ඔවුහු රතන හිමියන්ට ආයාචනා කළහ.

‘මහින්ද රාජපක්‍ෂ එක්ක මගේ ප්‍රශ්නයක් නැහැ. එතුමාට විරුද්ධව මම වචනයක් කතා කරල නැහැ. මේ ඉල්ලීම ඉටු කරන්න. ප්‍රශ්නයට මැදිහත් වෙන්න මම සූදානම්. ඒක මම කරන්නම්” යැයි රතන හිමි පැවැසූහ. “ඇත්ත… ඇත්ත… අපේ හාමුදුරුවෝ හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැ…” එක් හිටපු ඇමැතිවරයෙක් පැවැසීය.
“එදා ජනාධිපතිවරණයෙන් පස්සේ වෛරය මුල් කරගෙන සරත් ෆොන්සේකා සිරගත කළා. ඒ ක්‍රමය අනුගමනය කළා නම්, අද මහින්ද මහත්තයා හිරේදාන්න ඕන. මහින්ද මහත්තයා හිරේ දාන්න ගිය එක වැළැක්වුවේ මමයි” යනුවෙන් කිසිවකු නොදැන සිටි රහසක්ද උන්වහන්සේ ඒ අවස්ථාවේ හෙළි කළහ.
“අපේ හාමුදුරුවනේ, ඒ කළා වගේම අද මේ තිබෙන ප්‍රශ්නයත් ඔබවහන්සේ විසඳලා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වෙන්න යන එක බේරලා දෙන්න” යැයි එක් හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් රතන හිමියන් අබියස වැඳවැටුණු බව මව්බිම පුවත්පත වාර්තා කරයි

ප්‍රායෝගිකද?

පුද්ගලයින් දෙදෙනෙක් අතර  සාමය ඇති කිරීම උතුම් කටයුත්තකි එහෙත් එක අතකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දඬුවම් කලයුතු බව කියන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙක් වන රතන හිමියන් අනෙක් අතින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එතැන බලවත් පරස්පරයක් ඇති වෙනු ඇත.අනෙක් අතට මහින්ද

වෙනමම තරඟ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය ජය ගැනීමට ඇති නිසැක ක්‍රමයයි.දැනට පවතින තත්වය අනුවජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර යම් එකඟතාවක් ඇතිවුනත් සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලපෑම නිසා රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩි යමක් කල හැකි නොවනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.