Russia:හිටපු තානාපති උදයංග හොයන ජාත්‍යන්තර මෙහෙයුමක්

 

 

11036258_10206434139202056_7908962335048918785_n

 

 

 

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබඳව ආගිය අතක් නොමැති බවත් ඔහුව හොයා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ලබා ගැනීමට සිදුවිය හැකි බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටී.

උදයංග වීරතුංග  රුසියාවේ ශී‍්‍රලංකා තානාපතිවරයා ලෙස සේවය  කළ අතර යුක්රේනයේ ශී‍්‍රලංකා නියෝජිතයා ලෙසත්  කටයුතු කළේය.

ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙක් වන අතර ලෝකයේ රටවල් කීපයක දේපළ හිමි පුද්ගලයෙකි. නව රජය බලයට පත් වීමෙන් අනතුරුව යලිත් කොළඹට පැමිණෙන්නැයි නියෝග කෙරුණත් ඔහු  පැමිණියේ නැත දැන් ඔහුට එඑරහිව ආයුධ ජාවාරම් චෝදනා නැගීමට යුක්රේන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මේ පිළිබඳව සැහෙන කාලයක් තිස්සේ සැක පහල වී තිබුන බවයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පෙන්වා දෙන්නේ.

පුවත්  පත වාර්තා කරන පරිදි:පසුගිය දෙසැම්බරයේ   උදයංග වීරතුංග නුවරඑළියේ ජනාධිපති නිවස්නයට වී මැතිවරණ මෙහෙයුම් දියත් කරමින් සිටියදී ඔහු උදයංග නොදැන සිටි කරුණක් විය.එනම් ඔහුට එරෙහිව නැගී තිබුණු බරපතල ගණයේ චෝදනාවක් සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණයක් ඒ වට විට සිදුවෙමින් පැවති බවය.විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධ අතිරේක ලේකම් මජින්ත ජයසිංහ දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ යුක්රේන තානාපති හා ශී‍්‍රලංකාව සම්බන්ධයෙන්ද තානාපති වගකීම් භාරව සිටින ඔලෙක්සැන්ඩර් ෂේව්චෙන්කෝ හමුවූහ.මෙම හමුව සිදුවූයේ උදයංග සම්බන්ධ පරීක්ෂණයේ එක් පියවරක් ලෙසය.නැගෙනහිර යුක්රේනයේ ආරක්ෂක අංශ හා සටන්වැද සිටි යුක්රේන බෙදුම්වාදීන්ට අවි සැපයූවේයැයි  උදයංගට චෝදනා නැගී ගිබුණි.

මේ පිළිඹද සවිස්තරාත්මක ලිපියක් පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවේම පළවිය.එම වාර්තාවේ සදහන්වූ ආකාරයට යුක්රේනයේ වත්මන් ජනාධිපති පෝරෝ පොරොෂෙන්කෝගේ රජය උදයංගගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයට පැමිණිලි කර තිබේ.හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස්ගේ උපදෙස් අනුව සෙනෙවිරත්න හා ජයසිංහ එසැනින් ඉන්දියාව බලා පිටත් වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.හමුවේදී දැනගත් කරුණු දිවයිනට පැමිණි වහාම තමන්ට දැනුම්දෙන්නැයි හිටපු විදේශ අමාත්‍යවරයා ඔවුන් දෙපළට උපදෙස් දී තිබිණ.ඒ අනුව ඔවුන් තම වාර්තාව අමාත්‍යවරයාට ලබාදුන්නද එයින් එහා ගිය දෙයක්සිදු නොවුනි.රජයේ ප‍්‍රබලයෝ මැදිහත්ව මෙම චෝදනා යටගැසූහ.දිවයිනට පැමිණ සිටි උදයංග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු හැරෙන තැපෑලෙන් යළි රුසියාව බලා පිටත්ව ගියේය.උදයංග රුසියා තානාපති ලෙස සුපුරුදු පරිදි රාජකාරියේ නියැලූනු බවටත් යුක්රේනයේ සංචාරයන් කිහිපයකම යෙදී ඇති බවටත් සනාථ කෙරෙන වාර්තා ඇත.නමුත් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නැවත ශී‍්‍රලංකාවට පැමිණෙන්නැයි දැනුම්දුන් දිනයේ පටන් ඔහු සිටින්නේ අතුරුදන්වය.

මංගල සමරවීරට දැනගැනීමට ලැබී ඇති පරිදි ශී‍්‍රලංකාවේ නීතිපතිවරයාට සමාන බලතල හිමි යුක්රේනයේ ප‍්‍රධාන චෝදකයාගේ කාර්යාලය එරට දණ්ඩනීති සංග‍්‍රහයට අනුව උදයංගව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින්  සිටී.තානාපතිවරයෙකුගේ බලතල හිමිව ඒවායින් ආරක්ෂාව සළසාගෙන සිටි නිසා පෙරදී උදයංගව අත්අඩංගුවට ගැනීමට නොහැකිවුවද දැන් යුක්රේනය  ඉදිරියේ එම බාධකය නැත.මේ හා සමානව අනතුරු ඇගවීමක් පසුගිය වසරේ ඉන්දියාව බලා ගිය දෙදෙනාටද ලබාදීමට යුක්රේනය කටයුතු කළේය.සමරවීර විදේශ අමාත්‍යවරයා මේ දිනවල සිටින්නේ මේ සදහා ශී‍්‍රලංකා රජය මැදිහත්විය යුත්තේ කෙසේදැයි සොයාබලමිනි.වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා කියෙව් බලා කණ්ඩායමක් යැවීම සම්බන්ධයෙන්ද ඔහුගේ අවධානය යොමුව තිබේ.හිතවත් රටවල හා අන්තර්ජාතික ආයතන වල උපදෙස්ද ශී‍්‍රලංකා රජයේ මැදිහත්වීම සදහා ලබාගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

 

Mahinda-Udayanga-

 

 

වරක් යුක්රේනයේ අගනගරය වන කියේව්හි වාසය කළ වීරතුංග ක්ලබ් ලංකා නම් අවන්හලක් පවත්වාගෙන ගියේය.ශී‍්‍රලංකාවට ආවේණික ආහාර වර්ග එහි  වුනි.ඔහු හොදින් රුසියන් බස හැසිරවීය.වරක් ඔහු කළ කතාවකට සවන්දුන් රුසියා විදේශ අමාත්‍ය ස්රගෙයි වික්ටොරොවිච් ලැව්රොව් එවක ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය නැසීගිය ලක්ෂ්මන් කදිරගාමර් මහතා හා පැවසූයේ වීරතුංගගේ රුසියා බසෙහි දැඩි යුක්රේන ඌරුවක් පවතින බවය.රාජපක්ෂ  පාලන සමයේ රුසියාවේ ශී‍්‍රලංකා තානාපති ලෙස පත්කරනු ලැබූ හෙතෙම එකදිගට වසර 8 ක් රාජකාරියේ නියැලූනේය.ඔහුගේ සේවයේ අවසානය සනිටුහන් වූයේ කොළඹට පැමිණෙන්න යැයි නව විදේශ අමාත්‍යවරයා ඔහුට දැනුම්දුන් දාය. ශී‍්‍රලංකාවේ මුල් පෙලේ රාජ්‍ය නිළධාරියෙක් බෙදුම්වාදී කැරලිකාර කණ්ඩායමකට අවි සපයා ඇතැයි චෝදනාවක් නැගී තිබෙන්නේ නිදහසින් පසු ශී‍්‍රලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවටය.

අවි මිලදී ගැනීම සදහා ඇනවුම් ලබාදී ඇතැයි නැගී තිබෙන චෝදනාව අනුව වීරතුංග තානාපතිවරයෙකු ලෙස තමන් සතුවූ බලතල අයුතු ලෙස භාවිතා කර ඇති බව පෙනී යන්නකි.තමන් නියෝජනය කරන්නේ දශක 3 ක කාලයක් අවි ගත් ත‍්‍රස්තයින් පිරිසක් සමග යුධවැදී අවසානයේ සාමය දිනාගත් රටක් බව ඔහුට අමතකවී ගොස් තිබෙන සෙයකි.ත‍්‍රස්තවාදයට එරෙහිව ප‍්‍රබලව පෙනී සිටින රටක් ලෙස ශී‍්‍රලංකාවට අන්තර්ජාතික තලයේ හිමිව ඇති ස්ථානය මෙම  සිදුවීමෙන් හෑල්ලූවට ලක්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.වීරතුංගගේ ජංගම දුරකථනයට මෙන්ම ඔහුගේ චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනය හා  සම්බන්ධවීමට තැත් කළද එම උත්සාහයන් සියල්ල අසාර්ථකව ඇත.

 

යුක්රේන කැරළිකරුවන්
යුක්රේන කැරළිකරුවන්

 

 

 

තෙවැනි පාර්ශවයක් ලියූ ලිපිය

වීරතුංගගේ යටගියාව සොයාබැලීමට රජයේ ඇස යොමුවන්නේ ශී‍්‍රලංකාව සමගද රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගෙන යන ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය තෙවන පාර්ශවයක් ලියන ලද ලිපියක්  ඉන්දියාවේ ශී‍්‍රලංකා තානාපති කාර්යාලයට භාරදීමත් සමගය.රටක රජයක් නියෝජනය කරනා වගකිවයුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සකස් කළ ලිපියකට වෙනත් රටක රජයක අනුමැතිය ලබාගත යුතු අවස්ථාවක අනුමැතිය  ලබාගත යුතු රටෙහි පිහිටි අදාළ තානාපති කාර්යාලය මැදිහත්ව එම ලිපිය රටේ පාලකයින් වෙත භාරදීම මෙයින් අදහස් කෙරේ.මෙලෙස භාරදී තිබෙන  ලිපියේ අන්තර්ගතය බරපතලය.යුක්රේන රජය නියෝජනය කරමින් තෙවැනි  පාර්ශවයක් ලියාල ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය හරහා ශී‍්‍රලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබෙන නොවැම්බර් මස 17 වැනිදා දාතමින් යුතු මෙම ලිපියේ සදහන් වන්නේ මෙසේය.

ඉන්දියා ජනරජයේ පිහිටි යුක්රේන තානපති කාර්යාලය ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයට එහි සුභාසිංශන එක් කරයි.යුක්රේනයේ වගකිව යුතු  අංශවල දැඩි අවධානයට යොමුව ඇති අවි ඇනැවුම් කිරීමේ හා බෙදා හැරීමේ උත්සාහයක් ගැන ශී‍්‍රලංකා රජයේ අවධානය යොමුකරවීමේ ගෞරවය අප  සතුවන බව අපි සිතන්නෙමු.(නම් හා ඇණවුම් තොරතුරු සදහන් ලැයිස්තුවක් වෙනම අමුණා ඇත*

ලැබී ඇති තොරතුරු වලට අනුව උක්ත නම් වලට අවි ලබාදීම සිදුකර ඇත්තේ යුක්රේනය හා රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගැනීමේ වගකීමද භාරව කටයුතු කරන ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ රුසියා තානාපති ගරු උදයංග වීරසිංහය.ඔහු දැනට මොස්කව්හි වාසය කරයි.අවි ගනුදෙනු සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තා සැළකිල්ලට ගත් විට ශී‍්‍රලංකා රජයෙන් තවත් ඉල්ලීමක් කිරීමේ ගෞරවය යුක්රේනය සතු බව අපි සිතන්නෙමු.මෙම එවා ඇති දත්ත තහවුරු කරන ලෙසත්,විදේශිකයින්ට අවි ආයුද ලබාදීමට ශී‍්‍රලංකා තානාපතිවරුන්ට බලතල ලබාදෙන යම් නීති හා රෙගුලාසි තිබේනම් ඒ සම්බන්ධයෙන් අප දැනුම්වත් කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.මේ කටයුතු  සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අවධානය යොමුවනු ඇතැයි ඉන්දියා ජනරජයේ යුක්රේන තනාපති කාර්යාලයේ අපි උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

වීරතුංග ඇණවුම් කර දී ඇතැයි සදහන් වන අවි හා ඒවා ලබාගත් පුද්ගලයින්ගේ බව සදහන් වන නම් ලැයිස්තුවක් මෙම තෙවන පාර්ශවීය ලිපිය සමග එවීමට යුක්රේන රජය කටයුතු කර ඇත..වැඩබලන තානාපතිවරයෙකුට මෙසේ අවි  මිලයට ගැනීම සදහා ඇනවුම් ලබාදීමට හැකියාව ලැබුණේ කෙසේදැයි යන්න ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සැකයට බදුන්ව තිබෙන්නකි.

ලැයිස්තුවේ සදහන් වන අවි අතර ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ නිශ්පාදිත  මිලිමිීටර 7.62 සිගුවර් පී266 පිස්තෝල,ජර්මනියේ නිශ්පාදිත පැරබෙලම්  ඕ08 පිස්තෝලයක් හා ස්ටෙයිර් පිස්තෝල,චෙක් ජනරජයේ නිශ්පාදිත මිලිමිීටර 9 සීසෙඞ් 75 ගණයේ ස්වයංකී‍්‍රය පිස්තෝල වර්ග කිහිපයක්,ඉතාලියේ නිශ්පාදිත  බේරෙට්ටා 92 එෆ්එස් පිස්තෝල,තුර්කියේ නිශ්පාදිත අක්කාර් පිස්තෝල,සෝවියට් රුසියාවේ නිශ්පාදිත ටීටී පිස්තෝල ආදිය ඇත.

හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න විදේශ කටයුතු අමාත්‍යවරයාට නොවැම්බර් මස 21 වැනිදා දාතමින් යුතුව යැවූ අතිශය රහසිගත ලිපියක ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය, ලැයිස්තුවේ සදහන් පරිදි ඇණවුම් කරනු ලැබූ අවි භාරදුන් දිනයන් සනාථ කරන ලෙසත් විදේශිකයින්ට අවි සැපැයීම සදහා ශී‍්‍රලංකා තානාපතිවරුන්ට නීතිමය අවසරයක් තිබේනම් ඒ පිළිඹද පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා රජයෙන් ඉල්ලා සිටින බව සදහන් විය.මෙම ලිපිය සන්ඬේ ටයිම්ස් ඇසටද  හසුවුනි.යුක්රේන තානාපති කාර්යාලයේ මෙම ඉල්ලීම් සුලූකොට නොතැකිය හැකි බව විදේශ අමාත්‍යංශයේ මුල් පෙල නිළධාරීන් කිහිපදෙනෙකුගේම  අදහස වූවේය.

පෙනෙන විදිහට නම් ශී‍්‍රලංකා තානාපතිවරයා කටයුතු කරලා තිබෙන්නේ ශී‍්‍රලංකා රජයේ අනුදැනුම මත කියලයි යුක්රේන රජය සිතා සිටින්නේ.ඒකයි ඔවුන් ඇණවුම් ලබාදුන් දින තහවුරු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා  සිටින්නේ. යැයි එක් නිලධරයෙක් නම හෙළිනොකිරීමේ පොරොන්දුව  මත එදවස සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

නමුත් හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත.චෝදනාව ලබා සිටි තැනැත්තා ජනපතිවරයාගේ ඥාති සොහොයුරෙකු වීම නිසාවෙන්දෝ පරීක්ෂණ කටයුතු එතැනම නතර විය.වෙනකක් තියා අලූතින් පත්වූ විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය හෝ අතිරේක ලේකම්වරයා හෝ කටයුතු නොකළෝය.

හිටපු විදේශ අමාත්‍ය ලේකම්වරිය වූ සෙනෙවිරත්න තමන් හා ඉන්දියාවේ යුක්රේන තානාපති ෂෙව්චෙන්කෝ නවදිල්ලියේදී පැවැත්වූ හමුවේ තොරතුරුද හිටපු විදේශ අමාත්‍ය පීරිස් වෙත භාරදීමට කටයුතු කළාය.විදේශ  අමාත්‍යවරයාගේ උපදෙස් අනුව තමන් හා ජයසිංහ හිටපු තානාපති වීරතුංග යුක්රේන ජාතිකයින් 19 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි ඇණවුම් කර ඔවුන්ට ලබාදී ඇතැයි තෙවැනි පාර්ශවයක් ලියූ ලිපියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  යුක්රේන නියෝජිතයින් පිරිසක් හා සාකච්ඡුා කිරීමට ඉන්දියාව බලා ගිය බව ඇය මෙරටට පැමිණ විදේශ අමාත්‍යවරයා අතට භාරදුන් වාර්තාවේ සදහන් කර තිබුනි.එම වාර්තාවට අනුව ඉන්දියාවේදී ඇය හමුවූ යුක්රේන නියෝජිත පිරිස ශී‍්‍රලංකා තානාපතිවරයෙකුට විදේශිකයින් හා අවි ගනුදෙනු වල යෙදීමට ශී‍්‍රලංකා රජයෙන් අවසරයක් ලබාදී ඇත්දැයි ඇයගෙන් විමසා ඇත.ඊට පිළිතුරු ලෙස ඇය ඔවුන්ගෙන් එසේ අවි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිඹද තොරතුරු තමන්ට අවශ්‍ය බව පවසා සිට ඇති අතර එයට ප‍්‍රතිචාර දක්වමින්  යුක්රේන නියෝජි’ත පිරිස හිටපු තානාපති වීරතුංගගෙන් අවි ලබාගත් බවට චෝදනා නැගී ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන ඇය හමුවේ පැහැදිලි කිරීමක්ද සිදුකර ඇත.සෙනෙවිරත්න තම වාර්තාවේ සදහන් කර ඇති ආකාරයට එසේ චෝදනා නැගී ඇති පුද්ගලයින් අතර යුක්රේන රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු හා කියෙව්හි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රබල පුද්ගලයෙකුද සිටී.මොවුන් සියලූදෙනා බෙදුම්වාදීන්ට ආධාර කරන්නේයැයි චෝදනා ලබා සිටින්නන් බව යුක්රේන නියෝජිත පිරිස ඇය හමුවේ  කියා ඇත.

සෙනෙවිරත්නගේ වාර්තාවේ දැක්වෙන පරිදි යුක්රේන නියෝජිත පිරිස හිටපු තානාපති වීරතුංග අවම වශයෙන් මසකට තුන්වරක්වත් රුසියාවේ සිට යුක්රේනයේ කියෙව් බලා ගොස් ඇති බව සනාථ කෙරෙන සාක්ෂිද ඇයට ඉදිරිපත් කර ඇත.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලුමුම්බා සරසවියෙන් ආචාර්ය උපධියක් ලබා ගත හැකි වුයේ උදයංග රුසියාවේ තානාපති කම් කළ සමයේදීය.

Prsidentinrussia3

 

 

යුක්රේනය තෙවැනි පාර්ශවීය ලිපියක් ඉදිරිපත් කරන තෙක් ශී‍්‍රලංකා රජය මේ පිළිඹද කිසිත් නොදැන සිටි බව තමන් යුක්රේන නියෝජිත පිරිස හමුවේ පවසා සිටි බව ඇයගේ වාර්තාවේ සදහන්ය.නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ මෙම ගනුදෙනුව හා ශී‍්‍රලංකා රජයේ කිසිදු සබදතාවක් නැතැයි ඇය යුක්රේන නියෝජිත පිරිසට අවධාරණ කර ඇත්තීය.ඉන්දියාවේ යුක්රේන  තානාපතිවරයා මෙහිදී තවත් පැනයක් නගමින් ශී‍්‍රලංකා තානාපතිවරුන් අතර  විදේශිකයින්ට ගිනි අවි තෑගි දීමේ පිළිවෙතක් ඇත්දැයි ඇයගෙන් විමසා තිබෙන අතර එවැනි පිළිවෙතක් නොමැති බවත් අවි ගනුදෙනුවක් සිදුවන්නේ වෙළද ගනුදෙනුවක් ලෙස බවත් යුධ සමයේ යුක්රේනය හා ශී‍්‍රලංකාව එවැනි ගනුදෙනු බව යෙදුණු බවත් ලෙස ඇය ඊට පිළිතුරු දී තිබෙන්නීය.ඇය හමුව අවසාන කර තිබෙන්නේ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පුලූල්  පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දුවක්ද දෙමිනි.නමුත් එවැනි පරීක්ෂණයක් කිසිදිනෙක කි‍්‍රයාවට නැගුනේ නැත.කිසිදු වරදක් සිදුවී නොමැති බව පෙන්වමින් වීරතුංග රුසියාවේ තානාපති ලෙස දිගටම සේවයේ නියැලූනු අතර යුක්රේනයට සිදුකළ සංචාරයන්ද හේ නොනැවැත්වීය.ඔහුගේ ඥාති සෙහොයුරු මහින්ද රාජපක්ෂගේ ඡුන්ද සටනට දායකත්වය ලබාදීමට ඔහු දිවයිනටද පැමිණියේය.

යුක්රේන රජය නගන පැනයන්ට පිළිතුරු දී ගත නොහැකිව සිටින විදේශ අමාත්‍යංශය හමුවේ තිබෙන විශාලම ගැටලූව වන්නේ වීරතුංග සම්බන්ධ කර ගැනීමේ මාර්ගයක් නොමැති වීමය.වීරතුංගගෙන් ප‍්‍රශ්න කිරීමට නොඉවසිල්ලෙන් සිටින්නේ විදේශ අමාත්‍යංශයම පමණක් නොවේ.

 

 උදයංග වීරතුංග ගේ බව කියන ෆේස් බුක් පිටුවේ සඳහන් වන්නේ-මොනවා කරන්නද කල ගුණ පස්සෙන් එලවනවා .. යනුවෙනි

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.