පාවෙන අවි නැවට බලපත්‍ර ඇත

 

පාවෙන අවි නැවට සියලු බලපත්‍ර තියෙනවා - රුවන්

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් ‘මහනුවර’ නම් ගාල්ලෙන් සොයාගත් පාවෙන අවි ගබඩාව (Floating Armoury) පවත්වාගෙනයාමට අවශ්‍ය සෑම බලපත්‍රයක්ම ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව හෙළි කළේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය.

කෙසේවුවද මේ බලපත්‍ර ලබා දෙනු ලැබුවේ කවුද යන්න පිළිබදව ගැටලුවක් මතුව ඇති බව පැවසූ ඒ මහතා, එම පරීක්ෂණ මෙවන විට රක්නා ලංකා වෙත යොමුව අතැයිද හෙළි කළේය.

එය ආරක්ෂක අමාත්‍යංශයේ පෞද්ගලික සමාගමක් බවද පැවසූ ඒ මහතා දැන් කළ යුතුවන්නේ ඒවා විගණනය කර මේවායේ මුදල් කවුරුන් විසින් මොන ආකාරයකට විදේහවිනිමය භාවිතා කර ඇත්දැයි යන්න බව යැයිද ඔහු කීය.

අදාල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කිරීමෙන් පසුව එම සම්මන්ත්‍රණයට පැමිණ සිටි ව්‍යාපාරික නිමල් කුක් මහතා බලපත්‍ර පිළිබදව ගැටලුවක් නැති බවත්, ගැටලුව ඇත්තේ තරගයකින් තොරව මෙය එක් අයෙකුට ලබාදිම බව යැයි කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති තොරතුරු අනුව වාර්තාවන්නේ නිමල් කුක් මහතා විසින් අදාල පාවෙන අවි නැවේ කොන්ත්‍රාත්තුව මීට වසර එකහමාරකට පමණ පෙරදී විදේශිකයකු වන වයිස් අද්මිරාල් ටාමෝ කූට්ස් (Tarmo Kouts) නැමැත්තෙකුට ලබාදීමට උත්සාහ කර ඇති බවයි.

අදාල විදේශිකයාගේ නම ඉදිරිපත් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, ජනරාල් පාලිත ප්‍රනාන්දු, ජනරාල් කේ.බී.එගොඩවෙල, එයාර් වයිස් මාෂල් පී.බී. හේමචන්ද්‍ර, වින්කමාන්ඩර් සෙනරත් දිසානායක හා නිශ්ශංක සේනාධිපති පිරිස අතර සාකච්ඡාවකදී බවද පැවසේ.

කෙසෙවුවද ටාමෝ කූට්ස් (Tarmo Kouts) විසින් මීට පෙර මෙවැනිම අවි ගබඩාවක් සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට ව්‍යාපෘති වාර්තාවක් ලබාදීමේදී ඔහු ශ්‍රී ලංකාව හා ආරක්ෂක අමාත්‍යංශය තුට්ටු දෙකට දමමින් අදාල ව්‍යාපෘති වාර්තාව ලබාදී තිබූ බව හෙළිවීමෙන් පසුව එය ව්‍යර්ථව ගොස් ඇත.

එම වාර්තා වේ ‘’ St. Ola හා MV Aegna යන නෞකා සඳහා වඩාත් සුදුසු ප්‍රදේශය වන්නේ ශ්‍රී ලංකාවේ ගාල්ල සිට හෝමස් සමුද්‍ර සන්ධිය හා සූවිස් ඇළ දක්වා ප්‍රදේශයයි… අධි අවදානම් කලාපයට (High Risk Area) පිටතින් පිහිටි ගිණිකොණ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව මේ වන විට වඩාත්ම ගැටළුකාරී සන්ධිස්ථානය බවට පත්වෙමින් පවතියි. තවමත් වඩාත්ම මිල අධිකම නොවුනත්, වෙනත් විකල්ප ඉවත්කරමින් මෙම ව්‍යාපාරය අත්පත්කරගැනීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි.ඉතා දූෂිත වන මොවුන් ට සියලු ආයුධ හා එම අවි වල සංචලන සියල්ලම තම පාලනයට නතුකරගැනීමට අවශ්‍ය වී තිබේ.’’ යනුවෙන් දක්වා තිබී ඇත.

මීට වසර කිහිපයකට ඉහතදී අදාල කේෂත්‍රයට සමාගම් 23ක් පමණ සම්බන්ධවී සිට ඇති අතර ඉන් සමාගම් 15 ක් සෘජුව ආයුධ ජාවාරමක යෙදෙමින් අවි 119ක අස්ථානගත කිරීමේ වරද හේතුවෙන් ඒවාට එම අවස්ථාව අහිමිව ඇත.

[vsw id=”/WH9fsZArJ3Y” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 the floating armoury has all the licenses

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.