Sand Mining:පොලොනරුවේ වැලි ගොඩ දැමීම වෙන්දේසියෙන්

 

vali

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

මේ අවසරය දී ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසිනි.

ඒ අනුව ලබන 15 වැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට අවසර ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.

ඒ අනුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දමන ස්ථාන භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රය මත පවත්වාගෙන යාමට නියමිත අතර එම වැලි මිලදී ගැනීම මෙන්ම අලෙවි කිරීමට ද කාර්යංශය හරහා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

වැලි ගොඩ දමන සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි නව ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත ය.

වැලි ගොඩ දැමීමේදී අතරමැදියන්ගේ සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ද ඒ යටතේ ප්‍රතිපාදන සලසා ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා කීය.

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විශාල වශයෙන් වැලි ගොඩ දමන අතර පසුගියදා පනවන ලද තහනමෙන් අනතුරුව විශාල පිරිසකට ජීවත් වීමේ මගක් නැතිවිය.

මේ ගැටළුවට කල් පවත්නා විසඳුමක් දිය යුතු බව පරිසරවේදීහු පෙන්වාදෙති.

sand mining in polonaruwa allowed

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.