Sashi is ill-ඇය පලා ගියේ නැත-විමල්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී  වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩුවෙල පිහිටි නිවසට ගියද ඇය නිවෙස අතහැර පලාගොස් ඇති බව  වාර්තා වී තිබේ.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරන බව පවසමින් එම පුවත්පත් වාර්තාව සදහන් කරන්නේ වීරවංශ මහත්මිය සැගවී සිටින බවට සැකකෙරෙන නිවාස කීපයක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් පරීක්ෂාවට ලක් කළද එම කිසිදු නිවසක ඇය නොසිටි බවයි.

මේ සම්බන්ධයෙන්  මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ මෙසේය.

‘මම වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්. නුගේගොඩ රුස්වීම පැවති දා සවස පොලීසියෙන් බත්තරමුල්ලේ මගේ කාර්යාලයට හා නිවසට පැමිණ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට මගේ බිරිදට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිනෙන ලෙස දැනුම් දී තිබුනා. මගේ බිරිද දින කිහිපයක සිට අසනීප තත්වයෙන් රෝහල්ගතව සිටියේ. මේ වන විටත් ඇය සිටින්නේ රෝහලේ. ඒ බව අප නීතීඥයෙකු මාර්ගයෙන් වෛද්‍ය වාර්තාද සහිතව පොලීසියට දැනුම් දී ප‍්‍රකාශයක් ලබා දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඇය නිවස අතහැර පලාගොස් හෝ සැගවී නෑ. පොලීසියට අවශ්‍ය නම් රෝහලට පැමිණ ඇයගෙන් ප‍්‍රකාශයක් ගැනීම සිදුකල හැකියි.

මේ සිදුවන්නේ අප ඉටුකරන භූමිකාවට එරෙහි ප‍්‍රති මෙහෙයුමක්. නුගේගොඩ රැළියෙන් පසු එය තීව‍්‍ර කරලා. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ඉතා සමීප ඥාතීත්වයක් සහිත පුවත්පත්  දිගු කාලයක සිට පවත්වාගෙන එන සිය කීර්ති නාමය මේ ආකාරයේ පහත් දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීම ඉතා කණගාටුදායකයි’

parliamentarian wimals says his wife has not disapeared

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.