Secret Camps:”ගෝටා බේ” තිබෙන්නේ කොහෙද?

downloadeast

මේ අතර 2008 දී කොළඹ දී නාවික හමුදාව මගින් පැහැරගත් බව පැවසෙන දෙමළ ජාතික තරුණයින් පස් දෙනකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති බව සඳහන් “ගෝටා බේ” නැමති කඳවුරේ සිටින්නේ දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

අතුරුදන්වූවන්ගේ මාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය එම නියෝගය කළේ.

 

 

පැහැරගත් තරුණ තරුණියන් රඳවා සිටින රහසිගත කඳවුරු හම්බන්තොට, ත්‍රිකුණාමලය, හා මඩකලපුවේ ඇති බවට තොරතුරු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි (21) යාපනයේ පැවති අතුරුදහන්වුවන් සොයා දෙන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ රහසිගත කඳවුරු පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අගමැතිවරයා පොරොන්දු වූ බව ය.

 

සුරේෂ් ප්‍රේම චාන්ද්‍රන්
සුරේෂ් ප්‍රේම චාන්ද්‍රන්

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර අතුළත  ‘ගෝඨා කඳවුර’ නමින් රහසිගත කඳවුරක් ඇති බවත්, එහි දෙමළ තරුණ තරුණියන් 700 ක් පමණ රඳවා සිටින බවත් ප්‍රකාශ කර සිටි අතර ඊට අතර වශයෙන්, ලැබී ඇති තොරතුරු අනුව, නාවික හමුදා කඳවුරු සංකීරණය තුළ දෙමළ පවුල් 35 ක් පමණ නිවාස අඩස්සියේ රඳවා සිටින බවද කියා සිටියේය.

රහස් කඳවුරු නැහැ

නැගෙනහිර පළාත තුළ නාවික හමුදාවට අයත් රහසිගත රැඳවුම් කඳවුරු තවමත් පවත්වා ගෙන යන බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එවැනි රහසිගත කඳවුරු නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

‘උතුරේ, නැගෙනහිර විශාල මතයක් තියනවා රහස් කඳවුරු ගණනාවක් තියනවා කියලා. අපි කිව්වා එහෙම නාවික හමුදාවේ හෝ කිසිවකුගේ කඳවුරු නැහැ. ඕන තැනක තියනවා කිව්වොත්, ඇවිල්ලා බලන්න කියලා’ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අතුරුදහන් වූවන් පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුව තුළ නම් සඳහන් නොවන පුද්ගලයන් මිය ගොස් ඇතැයි හෝ නැතහොත් රට හැර ගොස් ඇතැයි අනුමාන කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

is there a secret detention  camp

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.