Sigiriya:උදයා වෙනුවෙන් ඇමති නන්දිමිත්‍රත් මැදිහත් වේ

කුරුටු ගී කුරුටු ගෑ දමිළ තරුණියට සමාව ඉල්ලා නන්දිමිත්‍ර ජනපතිට ලියයි

2015 පෙබරවාරි 14 වැනි දින සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑමේ වරදට චෝදනා ලැබ වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි උදය ශ්‍රී නමැති තරුණියට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා විසින් ජනාධිපතිට ලිපියක් යවා ඇත.

Graffiti on Sigiriya mirror wall (6 to 13th Centuries)

උදය ශ්‍රී තරුණියගේ මවගේ දුක් ගැනවිල්ල සම්බන්ධව පුවත්වල පළවූ පුවත්පත් වාර්තා හා දිවයිනේ විවිධ උගතුන් විසින් කරන ලද අභියාචනා හේතු කොටගෙන මේ ක්‍රියාමාර්ගය ගැනීමට අමාත්‍යවරයා ඉදිරිපත් වී ඇත.
මෙලෙස පොදු සමාවක් දීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම නිර්දේශ කරමින් අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියේ සඳහන් වන්නේ එරාවුර් ප්‍රදේශයේ දුප්පත් පවුලක කෙනකු වූ උදය ශ්‍රී සින්නතම්බිගේ මව මේ සිද්ධියෙන් කම්පනයට පත්ව රෝගී තත්ත්වයට පත්වී ඇති බවත් එසේම ලෝක උරුමය පිළිබඳව ඇති නීතිරීති පිළිබඳ ඇයගේ නොදැනුවත් භාවය නිසා මේ සිද්ධිය සිදුවී ඇති බවත් එහෙයින් ඇය පිළිබඳ සානුකම්පිතව සලකා බලා පොදු සමාවක් දෙන ලෙසය.

 

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නියම කර තිබෙන සිරදඬුවම ලිහිල් කර ඇයට සමාව දිය හැකි ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

සින්නතම්බි උතේනී නමැති තරුණියට ජනාධිපති සමාව ලබා දෙන ලෙස තමන් ජනධිපතිවරයාගෙන් කළ  ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාට මෙම දැනුම්දීම කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

 

 

 

 

minister requests pardon for girl who scribbled on Sigiriya mirror wall

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!