Sigiriya:කැටපත් පවුරේ ලීවට දෙවසරක්

 

 

සීගිරිය කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය.

මඩකලපුවේ 27 හැවිරිදි සින්නතම්බි උදේනි නම් තරුණියට මේ දඩුවම නියම විය. ඇය වරද පිළිගත්තාය.

පසුගිය පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබිණි. පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී පෙබරවාරි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි ඇය සේවය කරන ඇඟලූම් කම්හලේ පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ ඇති අතර එහිදී එම තරුණිය මෙලෙස කැටපත් පවුරට හානි කර තිබිණි.

two years in prison for writing for mirror wall on prison

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.