Sigiriya:කුරුටු ගෑ උදයා තරුණියගේ දඬුවම ලිහිල් කර ගැනීමට මිනිත්තුවක්

නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇත..

කෙසේ වෙතත් අවසන අසරණ මිනිස් ජීවිතයක් විනාශය කරා ඇදගෙන යන තෙක් මෙය දුරදිග නොයා යුතු බව අපේ හැඟීමයි. ජනාධිපති සමාවක් මඟින් අදාල දඬුවම ලිහිල් කරවා ගැනීම උදෙසා මැදිහත් වන්න .මේ සිදුවීම පිළිබඳව අප sinhala.lankanewsline.com වෙබ් අඩවිය මගින් කරුණු හොයා බැලූ අතර ඇගේ නොදැනුවත්කම සැහෙන තරමින් මේ සිදුවීමට බලපා ඇති බව පේන්නට තිබේ. එහෙයින් මේ පෙත්සමට පුර්ණ සහයෝගය ලබා දීමට අප  සංස්කාරක කමිටුව තීරණය කොට ඇති අතර හිතවත් ඔබේත් සහයෝගයය ඉල්ලා සිටීමට තීරණය කළෙමු.

https://secure.avaaz.org/en/petition/President_Democratic_Socialist_Republic_of_Sri_Lanka_Grant_the_Common_Pardon_to_Sinnathambi_Udaya_Sri/?dbaCJgb&pv=1&fb_ref=Default

 

 

 

seegiri

 

 උදයා ගේ මවට සවන් දෙන්න

මගේ දුව කුඩා කාලයේදීම තමයි පියා මියගියේ. මම පිටිකොටලා, ආප්ප පුච්චලා තමයි දුවව ලොකු මහත් කළේ. මම නොවිඳිනා දුක්‌ වින්දා දුවව මේ තත්ත්වෙට ගෙන්න. එයා හරි හොඳ ළමයෙක්‌ කවාදාවත් වැරදි වැඩක්‌ කරලා නැහැ. මම දිව්රලා කියන්නම් මේ දේ කරලා තියෙන්නේ එයා නොදැනුවත් කමින්.

 

මගේ දුව සින්නාන්ඩිගේ කර්මාන්තශාලාවක රැකියාව රැකියාව කරනවා. ඇය එහි යහළුවන් එක්‌කයි සීගිරිය බලන්න ගිහින් තිබුණේ.

දැන් වුණ දේවල් සියල්ලම ඉවරයි. දුවට අවුරුදු දෙකක සිර දඬුවමක්‌ නියම කරලා. ඇය නොදැන කරපු වරදකට දඬුවම් දීලා තියෙන්නේ. අනේ අපිට උදව් කරන්න. පොදු සමාවක්‌ හෝ ලබාදී මගේ දරුවාව බේරලා දෙන්න. අපි සිංහල දන්නේ නැහැ. වෙච්ච දේ පහදා දෙන්න බැරිවුණේ ඒ නිසයි. මේ අවනඩුව කියන්න කෙනෙක්‌ නැහැ. ඒක නිසා මගේ රත්ත්රබන් දුවව නිදහස්‌ කරලා දෙන්න. දුව නැත්නම් මටත් මැරෙන්න තමයි වෙන්නේ.

 

 පෙත්සම අත්සන් කිරීම සඳහා  මෙතැනින්ද පිවිසිය හැකිය.

the girl who scribbled on the Sigiriya mirror wall needs to be treated leniently-e petition

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!