SL vs Aus- ලකුණු 64 ක ජයක් ඔස්ට්‍රේලියාවට

 

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 64 ක ජයක්

 

 

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.

ලකුණු 377 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 312ක් පමණ ය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේ ය.

ටී. එම්. ඩිල්ශාන් හා එක්වූ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 130 කි.

43 වන අර්ධ ශතකය වාර්තා කල ටී.එම්. ඩිල්ශාන් ලකුණු 62ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ය.

එහිදී කුමාර් සංගක්කාර එක් දින ලකුණු දහ හතර දහසේ සීමාව අද  පසුකලේ එවැනි දක්ෂතා වක් දැක්වූ දෙවැනි ක්‍රීඩකයා ලෙස ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක තුනක් වාර්තා කල පළමු ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර අද වාර්තා අතරට එක්‍ විය.

එය ඔහුගේ 24 වැනි එක්දින ශතකය වේ.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!