SLFP:භාර දුන් පක්ෂය කර ගෙන යන්න දෙන්න-මෛත්‍රී

මෙරට සංකීර්ණ දේශපාලන ක්‍රියාවලිය ශ්‍රී.ල.නි.ප නියෝජිතයින් අවබෝධ කරගත යුතු යි – ජනපති

ලෝකයට ආදර්ශයක් වූ මෙරට සංකීර්ණ දේශපාලන ක්‍රියාවලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අවබෝධ කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමන් පත් වීමෙන් පසු පක්ෂයේ සාමාජිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක්වය තමනට බාර දුන්නේ නම් නම් එය කරගෙන යාමට ඉඩදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉතිහාසයේ නායකයින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වු පසු කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් බවද පැවසූ ඔහු 77 පරාජයෙන් පසු පක්ෂයට අත්වු ඉරණම තමා හොඳින් දුටු බවත් එවැන්නක් අනාගතයේදී සිදුනොවීමට සියලු දෙනා හදවතට එකඟව කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකට එක්කර ගනිමින් වත්මන් සංකීර්ණ දේශපාලන ක‍්‍රියාවලියේ ඉදිරියට යා යුතු බවත් පෙන්වා දුන් ඔහු ජාතිවාදයෙන් නැවතත් රට යුද්ධයකට ඇදගෙන යාම නොයා යුතු බවත් එසේ වුවහොත් නැවතත් බිහිසුණු යුද්ධයක වේදනාවන් ඉතා ඉක්මනින් අත්විඳීමට සිදුවන බව වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරි මැතිවරණ සංවිධානය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා නිලධාරීන්ට වගකීම පැවරීම හා මැතිවරණ කමිටු පත් කිරීම එහිදී සිදු කෙරිණ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, මැතිවරණ කමිටු පත් කිරීම මෙන්ම මහජන නියෝජිතයන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය දැනුවත් කිරීම ද මෙහිදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

 

[vsw id=”/UGyVlIvMCQI?list=PLZk-Y8bdMhinnRbA3FX__wO2Kz6kkWqVf” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Allow me to give leadership to the SLFP

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!