SLFP Alone-ශ්‍රීලනිප තනිව පෙරට

gjhgjhgh

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශක්තිමත් තනි පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හා අනතුරුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂයේ අගමැති අපේක්ෂකයා නම් කිරීම හා පක්ෂ අභ්‍යන්තරයේ මතු වී ඇති එවැනි මතවාද නිරාකරණය කර ගැනීමට ද මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර අද (21) මීගමුවේ දී ඇරැඹුණු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුව එහි තීරණාත්මක පියවරකි.

ශ්‍රී. ල. නි. ප. සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතය. දේශපාලන පක්ෂ අතර මෙන්ම විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර ස්ථාවර ජාතික ආණ්ඩුවක් කෙරෙහි ඇතිවී තිබෙන අවධානය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රට හමුවේ කියා සිටියේ ජාතික සංහිඳියාව තහවුරු කරමින් ස්ථාවර රටක් ගොඩ නැඟීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගිත්වයෙන් එළඹෙන මැතිවරණයට පසුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි.

කෙසේ නමුත් මීළඟ මහ මැතිවරණයට යාමට පෙර නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව ශ්‍රීලනීපයේ මතය වී තිබේ.

මහින්ද ජාතික ලැයිස්තුවෙන්

 

 

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරයකු ඉවත්කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති අතර පත්කළ මන්ත්‍රීවරුන් වම මාලනී ෆොන්සේකා හා ජානක ප්‍රියන්ත යන අය සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහෙත් ඔවුන්ගෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද වාර්තා වේ.

කෙසේ නමුත් මම පත් කල මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වූවද නව මන්ත්‍රීවරයකු ඒ සඳහා පත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂවල නියෝජිතයන්ගේ අනුමැතිය සහිතව එහි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාටය.

එහෙත් ඒ සඳහා ඔහුගේ හෝ එම සන්ධානයේ බහුතරයකගේ අනුමැතිය හිමිවෙතැයි බලාපොරොත්තු විය නොහැක.

 

SLFP to move alone ahead

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.