Sri lanka:ජය සමග වාර්තා

 

Sri Lanka v Scotland - 2015 ICC Cricket World Cup

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 148ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුමාර් සංගක්කාර ලකුණු 124ක් ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104ක් ද රැස් කළහ.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 363ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ ජොෂ් ඩේවි කඩුලු 3ක් ද, ඇලෙස්ඩෙයාර් ඉවාන්ස් සහ රිචී බෙරින්ටන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

රොබ් ටේලර් සහ මැට් මාචන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු 364ක ඉලක්කයක් කරා හඹා ගිය ස්කොට්ලන්තය පන්දුවාර 43යි එක් පන්දුවකදී සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.

ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ෆ්‍රෙඩී කොලේමන් ලකුණු 70ක් රැස් කළේ ය.

ප්‍රෙස්ටන් මොම්සෙන් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 20කට කඩුලු 3ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 51කට කඩුලු 3ක් ද බිඳ හෙළූහ.

ලසිත් මාලිංග කඩුලු 2ක් දවා ගත් අතර තිසර පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

කුමාර් සංගක්කාර කඩුලු රැකීමෙනුත් ලෝක වාර්තාවක් පිහිටුවයි

 

ලෝක වාර්තාවක්

 

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක ‍පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර  ලෝක වාර්තාවක් පිහිටවීය.

මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබාගෙන සංගක්කාර වාර්තාව පිහිටුවා තිබිණි.

අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශතකයක් ලබාගනිමින් ඔහු මේ දස්කම දැක්වීය.

මීට පෙර පකිස්ථානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.

කුමාර් සංගක්කාර අද තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුළු රකින්නා බවටද පත් වෙමින් තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය. ඔහු තරඟ 36 කදී දවාගැනීම් 54කට දායකවී මෙම වාර්තාව පිහිටවීය. මීට පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු කඩුළු රකින්නකුවූ ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 52 කට දායක වෙමින් වාර්තාව පිහිටුවා තිබුණි.

 

Srilanka wins against Scotland

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!