Tamil-රජය ආරක්‍ෂා කළ යුතුයි- සම්බන්ධන්

 

downloadsampanthanඒකීය රටක් තුල ස්ථිර දේශපාලන විසඳුමක් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව, දීර්ඝ කාලයකට පසු, ප්‍රජාතන්ත්‍රවාදයට තම පුර්ණ සහයෝගය ලබාදී ඇති බව ප්‍රකාශ කර ඇති දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, එම සහයෝගය ලබාදුන් දෙමළ ජනතාව දැඩි විශ්වාසයකින් සිටින බවත්, රජය එය ආරක්‍ෂා කළ යුතු බවත් ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් දැක ගත හැකි වූ බවත්, එම තත්වය වෙනස් විය යුතු බවත්, යහපාලනයක් වෙනුවෙන් දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය 03 වන දින නැගෙනහිර පළාතේ සංචාරය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සංවර්ධන කමිටු රැස්වීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී පවත්වා ඇත. මෙම රැස්වීමට සහභාගි වී කතා කළ අවස්ථාවේදී ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙරට ජීවත් වන සියළු ජනතාවගේ සහයෝගය ලබාගත් ඔබතුමා දේශපාලනික වශයෙන් හිටපු ජනාධිපතිවරයාව පරාජය කර, ප්‍රථමවරට ජනාධිපතිධුරය හොබවමින් සිටියි. ඔබතුමා නීත්‍යානුකූලව හිටපු ජනාධිපතිවරයාව පරාජය කර ඇත. උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නහිර යන සියළු ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව සහයෝගය ලබාදීම හේතුවෙන්, ඔබතුමා ජනාධිපති ධුරයට පත්වී ඇත. එවැනි සහයෝගයක් මත ඔබතුමාගේ බලය තහවුරු වූ බව මා අදහස් කරන්නෙමි.

missing_people_commission_batti_006

ජනතාවගේ හදවත් එක්කළ යුතුය

‘උතුරු නැගෙනහිර සහ දකුණේ ජිවත් වන ජනතාවගේ හදවත් එක්කළ යුතුය’ යනුවෙන් ඔබතුමා නිදහස් දින උත්සවයේදි කල ප්‍රකාශයට මා මුළු හදවතින්ම ප්‍රශංසා කරන්නෙමි. පසුගිය ජනාධිපතිවරණයෙදී යහපාලනයක් වෙනුවෙන් අපගේ පක්‍ෂයේ සහයෝගය ලබාදුන් අතර, අපගේ දෙමළ ජනතාව තම ඡන්දය ඔබතුමාට ලබාදෙන ලදි.

පසුගිය කාලයේ බලයට පැමිණි සියළු රජයෙන් විසින් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනතාව නොසලකා හැර ඇත. එමෙන්ම පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක විය. එම තත්වය වෙනස් විය යුතුය. සෑම අංශයකම කටයුතු ස්වාධීන විය යුතුය. අප ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නෙමු. පසුගිය කාලයේ අධිකරණය, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය සහ මහාධිකරණයේ කටයුතු වලට ගරුත්වයක් ලැබී නොමැත. ඒකාධිපති පාලන ක්‍රමය තුළින් අධිකරණයේ ස්වාධිනත්වය නැතිකරන ලදි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි විය.

ප්‍රජාතන්ත්‍රවාදය වටිනා දෙයකි. සියළු දෙනාට සියළු ආකාරයෙන් ගරුකළ යුතුය. එසේ සිදුකළහොත්, සම්පුර්ණ බලය ලබාගැනීමට හැකිවනු ඇත. ඒකීය රටක් තුල ස්ථීර දේශපාලන විසඳුමක් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව දීර්ඝ කාලයකට පසු ප්‍රජාතන්ත්‍රවාදයට තම පුර්ණ සහයෝගය ලබාදී ඇත.

ත්‍රිකුණාමළය හින්දු භක්තිකයින් වැඩි වශයෙන් ජිවත් වන පුජනීය භූමියක් වේ. මෙහි කොනේශ්වරම් කෝවිලත්, කාලි කෝවිලත් , ඝණ දෙවි කෝවිලත් දැක ගත හැකිය.පෞරාණික ඉතිහාසයක් ඇති මෙම කෝවිල් වලට සියළු ජනතාව ජාති ආගම් භේදයකින් තොරව පැමිණ වන්දනා කරයි. ඔබතුමාගේ යහපාලනයට සියළු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!