The Disputed Cat:අළුත් හුණු වටයේ කථාවක්

එදා හුණු වටයේ කථාවට මුල් වුනේ දරුවෙකු බෙදා ගැනීමට උත්සාහ කල කාන්තාවන් දෙදෙනෙකි එහෙත් මෙදා එකම බළලාට අයිතිය කියාගෙන කතුන් දෙදෙනෙක්‌ පොලිසි ගිහින් වාර්තාව සිරිල් විමලසුරේන්ද්‍රගෙන්.

 

cat

 

සුරතලයට ඇති කළ බළලකුට අයිතිය ඉල්ලමින් පේරාදෙණිය ගොරකදෙනිය කාන්තාවන් දෙදෙනකු පේරාදෙණිය පොලිසියට ගොස්‌ ඇත.

 

පේරාදෙණිය පොලිසිය ගැටලුව විසඳන තුරු බළලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට භාරදී තිබේ.

 

කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක්‌ එම නිවසින් වෙනත් නිවසක පදිංචියට යන විට රැගෙන නොගිය බළලා ඉකුත් සති අන්තය දක්‌වාම අසල්වැසි නිවසක කාන්තාවක විසින් රැක බලා ගන්නා ලදී.

 

පෙර හිමිකාරිය කලකට පසුව සති අන්තයේ පැමිණ බළලා සොයා ඇත. අසල නිවසේ බළලා සිටින බව දැනගත් කාන්තාව බළලා ලබා ගැනීමට ගියවිට මෙතෙක්‌ ඌ රැක බලාගත් බව කියන කාන්තාව ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම බළලා තමාගේ සුරතලා බව පවසා ඇත.

දෙදෙනා අතර විස¹ගත නොහැකි තරමට ගැටලුව වර්ධනය වීම නිසා දෙදෙනාම බළලාත් රැගෙන පේරාදෙණිය පොලිසිය වෙත ගොස්‌ තිබේ.

බළලා තමන්ගේ බව ඔප්පු කිරීමට සාධක වශයෙන් උගේ ලොම්රැසක්‌ තමා සතුව තිබෙන බව කුලී නිවසේ සිටි කාන්තාව පොලිසියට පවසා ඇත.

මෙම ගැටලුව විසඳීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයට භාර කිරීමට පොලිසිය පියවර ගනිමින් ගොරකදෙණියේ කාන්තාවන් දෙදෙනා බළලාත් සමග එම ආයතනයට භාර කර තිබේ.

විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේදීද කාන්තාවන් දෙදෙනා බළලාගේ අයිතිය ඉල්ලා අරගල කිරීම නිසා ගැටලුව විසඳීමට ඉදිරිපත්වූ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල මහතා බළලා පශු වෛද්‍ය පීඨයේ රැඳවුම් භාරයට ගත්තේය.

කුලී නිවස හැර යන විට බළලා රැගෙන නොගිය කාන්තාව විසින් ඉදිරිපත් කරන ලද ලෝම සහ බළලාගේ ලෝම සමග ගැළපීමක්‌ ඇතිදැයි විද්‍යාත්මක රසායනාගාර පරීක්‍ෂණයක්‌ පවත්වා තීරණයක්‌ ගන්නා තෙක්‌ බළලා පශු වෛද්‍ය පීඨය භාරයේ තබා ගන්නා බව වෛද්‍ය අසෝක දංගොල්ල මහතා කාන්තාවන් දෙදෙනාට දැනුම් දී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!