Threats: ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ශිවගීතාට තර්ජන

 

d7a332411e14769f300879cf8b1d4da6_L

ගිය සතියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ වූ ශිවගීතා අනතුරුව මඩකලපුව ප්‍රදේශයට යාමෙන් අනතුරුව මේ වන විට ඇයට නොයෙක් අවි ගත් සංවිධානවලින් මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවද වාර්තාවේ.

ඇය දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ කරුණා අම්මාන් විසින් ගොඩනගන ලද ටී.එම්.වී.පී. පක්ෂයෙන් වන අතර 2008 දී ඇය නගරාධිපති පති ධුරයට පත්වන අතර අනතුරුව ඇය එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකත්වය ලබාගත්තේය.

කෙසේ නමුත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන ඇය නැවත වරක් මඩකලපුව නගරාධිපති ධුරයට පත්වන අතර එහිදී ද ඇයට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමෙහි බලපෑමට යටත් වූ අතර ඔහු විසින් නැගෙනහිර ජනතාව අතර ඇය අප්‍රසාදයට පත්කිරීම සදහා නොයෙක් මතයන් ගෙන ගියේය.

ශිවගීතා ප්‍රභාකරන්ගේ පියාද ඝාතනය කරනු ලැබූවේ එල්.ටි.ටී.ඊ. සංවිධානයෙන් වන අතර ඔහු පැරණි වාමාංශික පක්ෂයක සාමාජිකයෙක් ලෙස කටයුතු කොට ඇති අතර අනතුරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවද කටයුතු කොට ඇත.

ශිව ගීතාගේ නව පත්වීමත් සමග මේ වන විට අවි ගත් නව කල්ලි ඇයට මරණ තර්ජන එල්ල කිරීමට පටන් ගෙනක ඇති අතර එල්.ටී.ටී.ඊ. වලිග වශයෙන් පවතින මෙම කල්ලි නැවත මතුවෙමින් නැගෙනහිර දේශපාලනඥයින්ට තර්ජනය කිරීමට ආරම්භ කොට ඇත.

කෙසේ නමුත් ශිවගීතා ප්‍රභාකරන් මේ සම්බන්ධයෙන් සදහන් කොට ඇත්තේ කොතෙක් තර්ජන ආවත් තමා එළඹෙන මහ මැතිවරණයට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉදිරිපත්ව අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනු ලබන බවත් පක්ෂය දිනවීමට කටයුතු කරන බවත්ය.

death threats for former mayor shivageetha

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.