TNL පොල්ගහවෙල මධ්‍යස්ථානයේ විකාශනය නීති විරෝධීයි!

tnlඅත්හිටුවනු ලැබූ TNL පොල්ගහවෙල මධ්‍යස්ථානය විසින් VHF 11 සහ VHF 03 භාවිතා කිරීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් පී.ආර්.එස්.පී. ජයතිලක මහතා සඳහන් කරයි.

මෙම නීති විරෝධී විකාශන නවත්වන ලෙස 2016 අප්‍රේල් 27 වෙනිදා දැනුම් දෙනු ලැබූවද එම නියෝගය නොසලකා හරිමින් විකාශනය පවත්වාගෙන ගිය බවට ජයතිලක මහතා චෝදනා කරයි.එසේම මෙම විකාශන මධ්‍යස්ථානය මගින් අනිකුත් බලපත්‍ර ලබා දී ඇති රජයේ විකාශනයන්ට ද බාධා පැමිණ තිබේ.

පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විසින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්තිය උල්ලංඝනය කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කර සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.