Top Visit- මහින්ද සහ විජේදාස සරණ බැලීමට යති

 

 

5d528f7635a68364a8b789ca88be8e5d_L

 

 

 

 

 

 

රිමාන්ඩ් ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මහර බන්ධනාගාරයට ගොස් තිබේ.

 

 

6ac4d40165c6be299bd06b086d749295_L

 

 

අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (19) මහර බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී එහි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසා බැලිමට කටයුතු කළේය.

අමාත්‍යවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරිම සදහා නව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන ඒකකය මහර බන්ධනාගාරයේ දි විවෘත කිරිමෙන් අනතුරුව දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසා බැලිමටද කටයුතු කළේය.

ඔහු එහි යෑමට මද වේලාවකට කළින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට එහි ගොස් බන්ධනාගාරයෙන් නික්ම ගිය බව වාර්තා වේ.

 

හිටපු ඛනිජතෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ  ආයතනයකට අයත් යකඩ තොගයක්‌ ලබාදෙන බව කියමින් ව්‍යාපාරිකයකු රවටා රුපියල් ලක්‍ෂ 96 ක්‌ ලබා ගත් සිදුවීමක් හේතුවෙන් . පුද්ගලික ආයතනයක ඉවත් කරන යකඩ තොගයක්‌ ලබාදෙන බව කියමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇත්තේ ඉකුත් 2012 වර්ෂයේදීය. එහෙත් එම යකඩ තොගය ලබා නොදී අදාළ ව්‍යාපාරිකයා මග හරිමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු ලබාදුන් මුදලද නැවත ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇති බවයි කියැවෙන්නේ.

 

මේ ආකාරයට දේශපාලන ප්‍රබලයින් ගේ අනුග්‍රහය ලැබෙන විට සාධාරණය වෙනුවෙන් ඉඩක් තිබේද යන ප්‍රශ්නය ජනතාව තුල ඇති වේ නම් එය සාධාරණ නොවේද?

 

Top visits for former deputy miner in  remand prison

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!