Transgender:ගෑනු පිරිමි මාරු වූ අය අමාරුවේ

ලිංගික පරිවර්තන වූ 8000 ක්‌ හැදුනුම්පත් නැතිව අමාරුවේ

flag-decorative-transgender

ශ්‍රී ලංකාව තුළ එක්‌ ලිංගිකත්වයක සිට තවත් ලිංගිකත්වයකට පරිවර්තනය වූ (සංක්‍රාන්තික ලිංගික) අය 8000 ක්‌ පමණ සිටින බවත් ඔවුන්ගෙන් බහුතරයකට තම අනන්‍යතාවය හෙළි කිරීම සඳහා අවශ්‍ය ජාතික හැඳුනුම්පත් ලබා දීමට පියවර ගෙන නැති බවත් මෑතකදී සිදු කළ සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ජාතික හැඳුනුම්පතක්‌ නොමැති වීමෙන් මෙම ලිංගික පරිවර්තනයට ලක්‌ වූවන්හට තම කටයුතු ඉටු කර ගැනීම සඳහා ආයතනයකට යැමට ද අපහසු වී ඇති අතර, බැංකු ඇතුළු පොදු ස්‌ථානවලදී අන්‍යයන්ගේ ගැරැහීමට ලක්‌වීමට පවා සිදුව ඇති බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි.

මෙම තත්ත්වය මත ඔවුන් මානසික පීඩාවට ලක්‌ වන බවත්, ඒ හේතුවෙන් ඇතමුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇති බව හෙළි වී ඇතැයි එම සංවිධානය කියයි.

මෙම ලිංගික පරිවර්තනයට ලක්‌ වූවන්ගෙන් බහුතරය පිරිමි වශයෙන් සිට කාන්තාවන් බවට පත්ව ඇති අය බවත්, ඔවුන් වැඩි වශයෙන් සිටිනුයේ දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල යෑයි පවුල් සංවිධාන සංගමයේ එච්අයිවී/ ඒඩ්ස්‌ අංශයේ අධ්‍යක්‍ෂිකා මධුෂා දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්‌තානය වැනි රටවල යම් පිළිගැනීමක්‌ පැවැතිය ද මෙරට සමාජය ඔවුන්ව කොන් කිරීම හේතුවෙන් බොහෝ දෙනා සැඟවී ජීවත් වන බව ද ඇය කීවාය. මොවුන් සඳහා තුන්වැනි ලිංගිකත්වය යටතේ (ත(ර්)ඩ් ජෙන්ඩර්) යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බව ද ඇය කීවාය.

එච්.අයි.වී/ ඒඩ්ස්‌ හා ලිංගිකත්වය පිළිබඳව ඊයේ (13 දා) කොළඹ පවුල් සංවිධාන සංගමයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය කෙරුණි.

ඒමන්ති මාරඹේ

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.