Traveller Rescued -චීන ජාතිකයා බේරෙයි

 

ලෝකාන්තයෙන් ඇද වැටී ගසක එල්ලෙමින් සිටි  චීන ජාතිකයා බේරා ගැනේ

 

 

 

 

ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයා ගුවන් හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමකින් බේරාගෙන ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ ගුවන් හමුදා විශේෂ බලකායේ සෙබලූන් යොදා මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කළ බවයි.

මෙම විදේශිකයා සහ ඔහුගේ බිරිඳ අද (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී එකවරම මෙම විදේශිකයා ඉන් පහළට ඇද වැටී ඇත. පසුව ඔහු ගසක අත්තක රැදී ඇති අතර ඔහු එම ගසේ එල්ලී සිටි බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

ඔහු බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවනු ලැබූව ද එම උත්සාහය අසාර්ථක වුණි. ඉන් අනතුරුව ගුවන් හමුදාවේ විශේෂ බලකායේ සෙබලූන් විපතට පත් මෙම විදේශිකයා බේරා ගැනිම සදහා මෙහෙයුම ආරම්භ කළේය.

බේරා ගත් මෙම විදේශිකයා මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

Chinese traveller at worlds end rescued

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.