UK:වෙනසක් සහිත සංචාරයක්

 

SIRIW15

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන  10.13 ට  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ  මගී ගුවන් යානයෙන්   ඩුබායි හරහා   ලංඩන් බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා  ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර  ක්‍රිස් නෝනිස්  ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  මේ ගමනට එක්ව සිටිති.

සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.

ගුවන්‍තතොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ජනපතිවරයා  තේ කෝප්පයක් ද පානය  කළේය.

NONISGHH

සුභවාදී ආකල්පයක්

 වෙනදා විරෝධය පළ කරන දෙමළ කණ්ඩායම් කීපයක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේපැමිණීම පිළිබඳව සුභවාදී ආකල්පයක් දැක්වීම විශේෂයකි. ගෝලීය දෙමළ
සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දෙමළ ජනතාව තෝරා පත් කරගත් ජනතා නියෝජිතයින් සමග කථා බස් කරමින් ගැටළු නිරාකරණය කර ගැනීමට නව ජනධිපතිවරයා දක්වන වෙහෙස තමන් අගය කරන බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ බ්‍රිතාන්‍යට පැමිණෙන අවස්ථාවලදී හිතවාදී ප්‍රචාර ලබා ගැනීම සඳහා බෙල් පොට්න්ජර් සමාගමට පවුම් ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවුනත් මෙවර ඒ කිසිදු වියදමකින් තොරව සිරිසේන මහතාට සංචාරය කිරීමේ අවස්ථාව ලැබී ඇත.
මේ වන විටත් ගාඩියන් පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක් ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කර ගැනීමට දරන වෙහෙස පිළිබඳව ප්‍රසංසාත්මකව වාර්තා කොට ඇත.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරු ව ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඔහුගේ දෙවන විදේශ නිල සංචාරය ද මෙය වේ.
ජනාධිපතිවරයාගේ  ලංඩන් සංචාරය තුළින්  ශ්‍රී ලංකා – බ්‍රිතාන්‍ය සබඳතා තව තවත්  ශක්තිමත් වී ගෝලීය වශයෙන් වඩාත් යහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගෙනු ඇතැයි  ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය අතරතුර දී මහ රැජින සමඟ විශේෂ හමුවකට මෙන් ම දිවා භෝජන සංග්‍රහයකට ද එක් වන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවකට එක් වීමට නියමිතය.මීට පෙර අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතරේ සාකච්ඡා පැවත්වීම පිළිබඳව  බ්‍රිතාන්‍ය  මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.

 Presidents visit to the UK -A visit  with a difference

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!