UK:සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායම ජනපති හමු නොවෙයි

 

හිටපු ආරක්ෂක ලේකම් මයික් කැලහන් හමුවී

 

 

 

බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවේ දෙමළ කණ්ඩායම් නියෝජනය කරන සර්ව පාක්ෂික මන්ත්‍රී  කණ්ඩායම කියා සිටින්නේ තමන් ජනාධිපති වරයා  හමු නොවන බවයි.

පාර්ලිමේන්තු කණ්ඩායමේ ලී ස්කොට් මන්ත්රීීවරයා  කියා සිටීයේ ශ්රීළ ලංකාව පිළබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීම නබන සැප්තැම්බර් මාසය දක්වා කල් දම ඇති හෙයින් එහි නිර්දේශ නිකුත් වන තෙක් තමන්ට බලාසිටීමට සිදුවෙන බවයි.

දිගු කාලය තිස්සේ ඉදිරපත් කල ඉල්ලීම් වලට සාධනීය ප්රාතිචාරයක්  ලබා ගැනීමෙන් අනතුරුව හමුම්වී පිළිබඳව සලකා බැලිය හැකි බව ලී ස්කොට් මන්ත්රීවවරයා කියා සිටී.

මේ අතරවාරයේ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ මෛත්‍රී සහාය කණ්ඩායම අමතමින්

මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටීයේ බලාපොරොත්තුවූ පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම පහසු කර්යක් නොවන බවයි.

 

 

 ජාතික ආණ්ඩුවක් 

ලංකාවේ එක් දේශපාලන පක්ෂයක් අනෙක් පක්ෂය තලා පෙළා දුර්වල කිරීමේ දේශපාලන සංස්කෘතිය ඇතිවී තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යාමේදී ප්‍රයෝගික දුෂ්කරතා ඇතිවෙන බවයි ජනාධිපතවරයා කියා සිටීයේ.

ශ්‍රී ලංකාව එක්සත් කර යළි ගොඩනැගීම සඳහා 2004 සුනාමියේදීත්, 2009 යුද ජයග්‍රණයේදීත්, 2015 පොදු අපේක්ෂක ජයග්‍රහණයේදීත් අවස්ථාව එළැඹුන අතර අපට මුල් අවස්ථා දෙක ගිලිහී ගිය බවත් දැනට ඉතිරිවී ඇත්තේ අවසන් අවස්ථාව බවත් සිරිසේන මහතා කීවේය.

උතුරේත් දකුණේත් දේශපාලන පක්ෂ ගැටුම්කාරී අවලාද දේශපාලනය නතර කළ යුතු බවද ඔවුන්ගේ ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී ප්‍රතිපත්ති අත් නොහළහොත් තවත් අවුරුදු 10කින් තවත් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයිද ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය පත්වී ඇති අසාර්ථකත්වය හා අවමානය පිටු දැක යළි එහි කීර්තිමත් හා විශිෂ්ඨත්වය ඇති කර ගත යුතු යැයි තානාපති හා රාජ තාන්ත්‍රික තනතුරු මිතුරන්ට, නෑදෑයනට හා පන්දම්කාරයන්ට හෝ ඉසුරු සොයා යන්නවුනට හෝ පිටරට සරසවිවලට දරුවන් ඇතුළු කරගන්නවුනට හෝ නොදිය යුතු යැයි කීවේය.

ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් පන් ලක්ෂයක් අය කිරීම දරාගත නොහැකි යැයි නියෝජිතයෝ කීහ. එය අඩු කළ හැකිදැයි සොයා බලන බව ජනපති කීවේය. මෛත්‍රී සහාය කණ්ඩායමේ සභාපති හර්ෂ කන්නන්ගර මහතා පැවසුවේ ඔහු පොදු අපේක්ෂක වීමටත් පෙර තම කණ්ඩායම ඔවුනට සහයෝගය දැක්වූ බවත්ය.

 

 

British parliamentarians will not meet President

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.