UNP-අප්‍රෙල් 23 ඔක්සිජන් හමාරයි

 

 

DSC_0660 (1)

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින 100 වැඩපිළිවෙළේ ඔක්සිජන් අප්‍රේල් මහ 23 වැනිදායින් අවසන්වන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණයේදී නැවත ජාතික ආණ්ඩුවක් පත් කරගැනීමට නැවත ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් අලියා ලකුණින් තරඟ වදින බවත් ඒ සඳහා ආසන සංවිධායකයන් හා ශාඛා සමිති දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

එම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

දේශපාලන නිරීක්ෂකයින් කියා සිටින්නේ මැතිවරණයක් අප්‍රේල් වල පැවත්වෙනවද නැද්ද යන්න තවමත් කිව නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් වසර දෙක ඇති අතර මේ කාලය ප්‍රයෝජනයට ගැනීමෙන් හැම පක්ෂයකටම වාසි ලබාගත හැකි වුනත් තමන්ට ඒ වාසිය අවශ්‍ය බව නොපෙන්වා මැතිවරණයකට සුදානම් බව පැවසීම පොදු උපක්‍රමයක් බවට පත්ව තිබේ.

[vsw id=”/w8gSFQTmn-Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

UNP is getting ready for elections

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.