Uruguay :ආදර්ශමත් ජනපති තනතුරෙන් නික්මෙයි

ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස සැළකෙන උරුගුව රාජ්‍යයේ හොසේ මුහිකා එරට ව්‍යවස්ථාවට හිස නමා ජනපති ධුරයෙන් ඉවත් විය.

ඒ අනුව නව ජනාධිපති ධුරයට පත්ව සිටින්නේ තබාරේ වස්කුවෙස් ය.

ගරිල්ලා සාමාජිකයෙකු ලෙස උරුගුවේ ඉරණමට බලපෑම් කළ ‍හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට හුරු වුයේ 1985 වසරේ සිට ය.

ඒ, එරටට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුල්වීමත් සමග ය.

2010 දී හොසේ මුහිකා ජනාධිපති ධුරයට පත් විය.

ඔහු ලොව ප්‍රකට චරිතයක් වන්නේ එතැන් සිට ය._81318050_81318049

දුගී ගොවියෙකුගේ පුත්‍රයෙකු ලෙස උපන් ඔහු ජනාධිපතිවරයා ලෙස රට පාලනය කළේ තම බිරිඳට අයත් ගොවිපළේ සිට ය.

වැටුපෙන් සියයට 10 ක් අතට ගෙන ඉතිරිය අඩු ආදායම් ලාභින්ට බෙදාදුන් ඒ ජනාධිපතිවරයා ජීවත් වූයේ බිරිඳ ගොවිපළෙන් උපයන මුදලින් ය.

 

[vsw id=”/GtIDzsxyNM4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Exemplary prescient of Uruguay bids good bye

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.