Vote:සමානුපාතික ක්‍රමය විසිහතර පැයෙන් ඇති කළ හැටි

clock-01මේ දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදාපන්න මාතෘකාව වී ඇත්තේ  පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කඹ ඇඳිල්ල ගැනය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ ඉදිරිපත් කළ දින සියයේ වැඩ පිළිවෙලේ අංගයක් ලෙසින් මැතිවරන ක්‍රමය වෙනස් කිරීම සඳහන් කොට තිබිණි. ඒ සඳහා දින වකවානුද සඳහන්ව තිබේ.
 එහෙත් මේවන විට මැතිවරණ ක්‍රමය වෙනස් නොකොට දින සියයයේ අවසන එනම් අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂය උනනදුවන බව පෙනේ.  ඊට එරෙහිව ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමයත් මැතිවරණ ක්‍රමයත් දෙකම එක විට කළ යුතු බවත් ඒ ඉදිරි මහ මැතිවරණයට පෙර සිදුවිය යුතු බවත් කියයි.
එමෙන්ම සිරිසේන ජනාධිපතිවරයාට උදව් කළ ජනතා විමුක්ති පෙරමුණද මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව අනෙක් පක්ෂ මෙන් පිළිගත්තද ඉදිරි මැතිවරණය පෙර ඒ වෙනස් කිරෙමට ගන්න උත්සහය විවිධ තර්ක විතර්ක ඇද දමමින් පාර්ලිමේන්තුව දින සියේ පොරොන්දුවව මත විසුරුවා හැරිය යුතු බව කියයි. එසේම මැතිවරණ කොමසාරිස් වරයාගේ අදහසත් මැතිවරණ ක්‍රමය වෙන්ස් කරන්නේ නම් ඊට මාස තුනක්වත් යනු ඇති බවය.
පැය විසි හතරේ මෙහෙයුම
මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හිතන තරම් ලෙහෙසි පහසු ලෙස එකඟ තාවයක් අනුව කළ නොහැකි වනු බවය,
එහෙත් මෙම පවතින මැතිවරණ ක්‍රමය ගෙන ආවේ පැය 24 ක මෙහෙයුමක් අනුව බව දන්නේ කිහිප දෙනෙකි.මේ මෙහෙයුමට සම්බන්ද පුද්ගලයන් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ වත්මන් කොළඹ  පුරපති ඒ ජේ එම් මුසම්මිල් මහතා  හා මුස්ලිම් කොංග‍්‍රසයේ ආරම්භක සභාපතිවරයා වන සේගු ඉසදීන් මහතා පමණි. මේ කියන කතාවට ඔවුන් සාක්ෂිය.
1970 මහ මැතිවරණයේදී සමඟි පෙරමුණු ආණ්ඩුව බිහිවූයේ එවකට පැවැති කේවල මන්ත්‍රී ආසන ක්‍රමයෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඒ සියයට 77 ක් විය. එහෙත් සම්පූර්ණ වශයෙන් රටේම  වලංගු  ඡන්ද ප්‍රමාණයෙන්  ඔවුන් ලබා ගෙන තිබුණේ සියයට 44 ක් පමණි.  කේවල මන්ත්‍රී ආසන  මැතිවරණ ක්‍රමයේ අසාධාරණය නිසා ඒ වඩාත් සාධාරණ ලෙස ජන මතයට ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉඩක් වෙන් කිරීම සඳහා සමානුපාතික මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය.
hqdefault (3)
මේ අනුව පැවැති මන්ත්‍රී ආසාන කොට්ඨාශ ක්‍රමය වෙනුවට කලාප ක්‍රමයක් සහිත සමානුපාතික මැතිවරන ක්‍රමයක් යෝජනා වූ අතර එමඟින්  යම් පක්ෂයකට මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට එම කලාපයක සියයට 12.5 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු විය. මේ සම්බන්ධයෙන් වාද විවාද පැවැතියද 6 න් 5 ක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් සමඟ වාද විවාද නොකරම එවකට විපක්ෂ පක්ෂද ඒ පිළිගන්න තැනක සිටියේය. අනෙක සමානුපාතික ක්‍රමයේ ආදීනව ගැනද අද මෙන් දැනුමක් නොමැති වීමට ඊට හේතු විය.
කෙසේ නමුත් මෙම මැතිවරණ ක්‍රමයෙන් කිසිදා මෙරට මැතිවරණයක් පැවැතූයේ නැත. 82 ලාම්පු කළ ගෙඩි සෙල්ලමෙන් පාර්ලිමේන්තු කාලය දික්කර ගැනීමට ජනාධිපති ජේ ආර් ජයවර්ධන සමත් විය.
 1988 වන විට ජේ ආර්ගේ කාලය නිමවී    මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එජාපයෙන් ඉදිරිපත් වූයේ ඒවකට අගමැති ආර් ප්‍රේමදාස මහතාය.
 එහෙත් ඔහුට මුහුණ දීමට තිබුණේ ඉතා අසීරු මැතිවරණයකටය. උතුරෙත් දකුණේන් ගිනි ඇවිලී තිබු යුගයක. එජාප රජය ජනතාවට එපාවී තිබු යුගයකය. එහෙත් ප්‍රේමදාස මහතා ගනන් හැදුවේය. මහ පොළවේ දේශපාලනය ගැන ඉහළ ගනයේ ඉවක් තිබුණු ප්‍රේමදාස මහතාට වරදින්න විදිහක් තිබුණේ නැත. ඔහුට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ  තව ඡන්ද ලක්ෂ 2ක් පමණි. සිය ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක වටා විපක්ෂයේ  පක්ෂ ගනනාවක් එක්වී සිටියද  තනි එජාපයට තව ඡන්ද ලක්ෂ 2ක් තිබුණොත් ජය ගත හැකි බව ප්‍රේමදාස මහතා තුල විශ්වාසයක් විය.
ඒ අඩු පාඩුව පුරවා ගත හැකි තැන සොයද්දී ඔහු දැක්කේ මුස්ලිම් කොන්ග්‍රසයයි. එතන ගෙඩියටම ඡන්ද ලක්ෂ 2 කි.
එහෙත් මුස්ලිම් කොන්ග්‍රසයේ  නායක  එම්.එච්.එම්. අශ්රොෆ් ඒ වන විටියේ එජාපය හා හොඳ හිතකින් නොවේ. ඔහු ඒවන විටත් සිරිමවෝට සහය පළ කරන ස්ථාවරයක සිටියෙය. එහෙත් අශ්රොෆ් සිරිමාවෝට සහය දුන්නේ කොන්දෙසියක් මතය එනම් නව මැතිවරණ ක්‍රමය යටතේ සීමා සැකසුන මැද කොළඹ කලාපය ඔහුට හිමි වියයුතු බවට කොන්දේසියක් සමඟය. ඊට ශ්‍රී ලනීමයේ අලෙවි මව්ලානා, හලීම් ඉශාක් වැනි මුස්ලිම් මන්ත්‍රීවරු සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ අතර මුස්ලිම් කොන්ග්‍රසය හා අත්සන් කිරීමට සකස් කළ අවබෝධතා ගිවිසුමෙහි වූ එම වගන්තිය පවා ඉවත් කිරීමට මේ මුස්ලිම් කණ්ඩායම සමත් විය. මේ නිසා එම ගිවිසුම අත්සන් නොකර අශ්රොෆ් සිය ගම වූ ගම්පොළට ගියේය.
මේ සිදුවීම ආර් ප්‍රෙමදාස මහතාට දැන් ගන්නට ලැබුණේ වත්මන් කොළඹ පුරපති ඒ ජේ එම් මුසම්මිල් මහතාගෙනි. ඒ ආරංචිය ලද සැනින් ප්‍රේමදාස මහතා ඔහුට කිව්වේ වහාම අශ්රොෆ්ව මුණ ගැසී ඔහුගේ සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන්ය.
ඒ අනුව එම කතා බහ සිදු වූ අතර අශ්රොෆ් කොළඹ ගෙන්නගෙන ප්‍රේමදාස සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාව සඳහා ලලිත් ඇතුලත් මුදලි මහතාද සහභාගී විය. අශ්රොෆ් නීති විද්‍යාලයේදී ලලිත්ගේ ශිෂ්‍යයෙක් වීම හා පසුව සමීප මිතුරකු වීම නිසා ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවට ලලිත්ව කැඳවා තිබිණි.  හිටපු ඇමැති ඒ ජේ රණසිංහ, සේගු ඉසදීන්, මුසම්මිල්ද මීට එක්විය.
එම ඉරිදා දින උදැසන ලලිත්, අශ්රොෆ් සමඟ කතාව පටන් ගත්තේම මැද කොළඹ ඉල්ලන්න බෑ කියන කොන්දේසිය සමඟය. අශ්රොෆ් ඊට එකඟ විය.  අශ්රොෆ්ගේ යෝජනාව වූයේ යෝජිත සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවය. ඔහු 12.5% සීමාව 5% දක්වා අඩු කළ යුතු බව කීවේය. ඊට ලලිත් එකඟ විය.  ඒ අනුව එදින රාත්‍රී 10 වන විට ලලිත් ඇතුලත්මුදලි විසින් එම නව මැතිවරණ ක්‍රමය සඳහා වන ආණ්ඩුක්‍රම සංශෝධනය කෙ‍ටුම්පත් කළේය. ඉන් පසුව ඒ  රාත්‍රියේදීම ජනාධිපති ජේ ආර් ජයවර්ධනට යවා අනුමත කර ගත්තේ  ඒ එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් හදීසි කටයුත්තක් වන බව පැහැදිලි කරමිණි.  ඊට කැබිනට් අනුමැතියක් ගත්තේද නැත. එජාපයේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු හෝ මේ වගක් දැන සිටියේද නැත. රටම මේ නව මැතිවරණ ක්‍රමය ගැන දැන ගත්තේ ඊට පසුවදා එනම් සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය. ඒ පහසුවෙන් සම්මත විය.
අශ්රොෆ් මහතා පොරොන්දු පරිදි ප්‍රේමදාස මහතාට සහය දුන් අතර ප්‍රේමදාස මහතා ජය ගත්තේය.
එහිදී ප්‍රේමදාස මහතා ඡන්ද  2,569,199 (50.43%) ගත් අතර බණ්ඩාරනායක මහත්මිය  ලබා ගත්තේ  2,289,960 කි. ජනාධිපතිධුරය සඳහා සියයට 50 සීමාව වුයේ 2,547,389 යි ඒ අනුව ප්‍රේමදාස මහතා සියයට 50 ඉක්මවා ගියේ ඡන්ද  22 000ක තරම් සුළු ප්‍රමාණයකින්. ඔහුගේ ගනන් හැදිල්ල හරියටම හරි ගියේය.
1989 වසරේ පැවැති මහ මැතිවරණය නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වූ අතර එහිදී මුස්ලිම් කොන්ග්‍රසය ඡන්ද ලක්ෂ දෙකක් (202,016)  ලබා ගත්තේය. ජාතික ලැයිස්තු ධුරයක් සමඟ මන්ත්‍රී ආසන 4ක් දිනා ගැනීමටද මුස්ලිම් කොන්ග්‍රසය සමත් විය.
ප්‍රේමදාස මහතා ජය ගත්තේ එම මුස්ලිම් කොන්ග්‍රසයේ ඡන්ද ප්‍රමාණය නිසා ලත් සියයට 50 වැඩි ප්‍රතිශය නිසාය.
 අශ්රොෆ් නිසා මෙරටට ලැබුණු සමනුපාතික ක්‍රමය නිසා සුළු ජන පදනම් සහිත පක්ෂ රැසකට ලොකු වාසියක් සිදුවිය. රටේ ජනතාවගේ  වෙනස් මත වලට ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉඩක් හිමි විය..
එහෙත් ‘අපේ ගමේ මන්ත්‍රීතුමා”අතුරුදහන් විය. අපේ ගමේ මන්ත්‍රී එහා ගමේ ඡන්ද හිඟා කන්න ගියේය. එහා ගමේ මන්ත්‍රීතුම මෙහා ගමට රිංගුවේය. ගහ ගත්තේය, මරා ගත්තේය. කවුරුන් හෝ අවසන දිනුවේය. එහෙත් ඒ අපේ මන්ත්‍රීද එහා  ගමේ මන්ත්‍රීද වෙන කවුරුවද යන්න කිසිවකුට නිනව්වක් නැත.  මන්ත්‍රීවරු කියා පිරිසක් රටේ ඉන්නවා කියා රට්‍ටු දැන් ගන්නේ මැතිවරණයක් ආසන්නයේදීය.
ඉතිං මේ ක්‍රමය වෙන්ස කළ යුතු  යැයි හැමෝම කියති. එහෙත් කරන්නට බයය.
proportional representation system and voteing

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!