WIFI – පොට් මෙන්න

 

z_bus800

 

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.

රජය විසින් පිහිටුවන මෙම වයිෆයි කලාප හේතුකොට ගෙන අද සිට අන්තර්ජාල පහසුකම් නොමිලේ මහජනතාවට ලබා ගැනීමට හැකිය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ, පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ, ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය, නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, තුරඟ තරග පිටිය, පොලිස් මූලස්ථානය, ගාලු මුව දොර ක්‍රීඩාංගණය, බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්තු වත්ත, පොළොන්නරුව දුම්රිය ස්ථානය, පොළොන්නරුව මූලික රෝහල, මාතර දුම්රිය ස්ථානය, මාතර බස් නැවතුම් පොළ, ගාල්ල කරාපිටිය මූලික රෝහල, ගාල්ල දුම්රිය ස්ථානය, හම්බන්තොට උද්භිත උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දළදා මාළිගාව, මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය, රත්නපුරය ජාතික කෞතුකාගාරය සෙසු පහසුකම් සලසන ස්ථානයන් වෙයි.

මෙලෙස වයි ෆයි කලාප 1000 ක්  දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පිහි‍ටු වීමට විදේශ කටයුතු, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

 

වයි ෆයි මොකටද?

වයි ෆයි යනු රැහැන් රහිතව අන්තර් ජලය ලබා ගැනීමේ ක්‍රමයකි.එක් කේන්ද්‍රස්තනයකින් ජංගම දුරකථන ,පරිගණක ආදී මෙවළම් වලට අන්තර් ජාල පහසුකම් ලබා ගත හැකිය.

ශ්‍රි ලංකාවේ ලබාදෙන්නේ මෙගබ්යිට් 100 යක අන්තර්ජාල පහසුකමකි.සාමන්‍යයෙන් ඊමේල් භාවිතයට සහ සිංදු කීපයක් ඇසීමට මෙග බයිට් 100 ක  දත්ත ප්‍රමානවත් වුවත්

වැඩි  යමක් කරගත නොහැක. කෙසේ වෙතත් සාමාන්‍ය  ජනතාව අතරට තොරතුරු තාක්ෂනය ගෙන යාම අතින් මෙය ඉතා වැදගත් පියවරක් වන අතර වැඩි කල් නොගොස් වයි ෆයි කලාප අශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් අත්වීමත් සමගම නොමිලේ ලබා දෙන දත්ත ප්‍රමාණය විදිවිය හැකි අතර පහසු මුදල වයි ෆයි සහ ර්හන් සහිත අන්තර් ජාල සේවා ඇතිවිය හැකිය.අනෙක් අතට අන්තර්ජාලය භාවිතා කරන්නන් ගේ සංක්‍යාව වැඩිවෙත්ම මිල පහළ යෑම සාමන්‍ය සිරිතයි.

මේ සිතියමෙන් පෙන්වන පරිදි අදායමට සමාන්තරව අන්තර්ජාල වියදම අඩු රටවල් ලා පාටින් පට කොට ඇත.ශ්‍රී ලංකාව තිබෙන්නේ මැද තැනකය.අන්තර්ජාල සම්බන්ධකම් සඳහා මිල අඩුවීම ආර්ථික සංවර්ධනයේ දර්ශකයකි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.