Wimal -අපායේ ඉන්ටර්වල් නැති කරයි-වියන්ගොඩ

ඇප ලබා පිටතට පැමිණි යුවළ
ඇප ලබා පිටතට පැමිණි යුවළ

විමල් වීරවංශ තමන්ගේ බිරිඳ පුළුවන් නම් අත් අඩංගුවට ගන්නැයි එක අතකින් අභියෝග කරන අතර අනෙක් අතට අත්අඩංගුවට ගත් පසු පළිගත් බවට චෝදනා කරන බව පුරවැසි බලයේ ක්‍රියාකාරී
සාමාජිකයෙක් වන ගාමිණී වියන්ගොඩ පැවසීය.

වාචාල කථා සහ කතිකත්වය යනු එකක් නොව දෙකක් බව පැවසු වියන්ගොඩ කියා සිටීයේ වීරවංශ අපායේ ඉන්ටෙර්වල් එක හමාර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

. විමල් වීරවංශගේ වාචාල කම ලංකාවේ දී කථිකත්වයකි. ඒ වාචාලකමට අනුව යමින් ඔහු එදා අපූරු උපහැරණයක් ගෙනහැර පෑවේය. එනම්, මේ ලැබී ඇත්තේ ‘අපායේ විවේක කාලයක්’ බවයි.

එක් පව්කාරයෙකු අපායට ගිය විට, තමන්ට කැමති ‘අංශයක්’ තෝරා ගැනීමට අවස්ථාව ලැබුණි. එක අංශයක කටුඉඹුල් ය. තව අංශයක ලෝ දිය ය. එහෙත්, අශූචි වළක් පමණක් තිබූ අංශයක් ද විය. එහි කරවටක් එරී සිටි මිනිසුන් සිගරට් බොමින් උන්හ. අපේ අළුත් පව්කාරයා දුම් බොන්නෙකි. ඇරත්, කටුඉඹුලේ නගිනවාට වඩා, ලෝ දියේ පැසවනවාට වඩා, අශූචි වළක ලැග සිටීම සැපතක් නොවේද? ඉතිං ඔහු දෙවරක් නොසිතාම, අශූචි වළ තෝරාගත්තේය. සිගරට්ටුවක් ද දල්වා ගත්තේය. ඛේදයකි. මොහොතකින් සීනුවක් හැඬවුණි. ‘‘දැන් ඉන්ටවල් ඉවරයි, ඔලූවෙන් හිටගනිල්ලා’’ යැයි යමපල්ලා නියෝග දුනි.

දැන් විමල් වීරවංශගේ කතාව අප තේරුම් ගත යුත්තේ කෙසේද? අප මේ පැමිණ සිටින ‘මෛත‍්‍රී මොහොත’ අර කියන ‘විවේක කාලයක්’ නම්, ඊට පෙර පැවති රාජපක්ෂ තත්වය, අශූචි වළක ඔලූවෙන් සිටගෙන සිටි කාලයක් නොවේද? මොවුන් අරඅඳින්නේ නැවතත් අපව එසේ සිටුවීමටයි. එය එදා නුගේගොඩ රැුළියෙන් මොනවට ගම්‍යමාන විය

 
කථාව දැනගැනීමට මේ කෙටි වීඩියෝව නරඹන්න.

wimal is confused in what he is doing- gamini wiayngoda

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.