Wimal’s Wife-රෝහලේ රිමාන්ඩ්

Sahshi-weer

කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ශෂී වීරවංශ ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය. බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ ඇය රෝහලේම රඳවා ඇත.මෙය සාමන්‍යයෙන් වෙනත් සැකකරුවන්ට නොලැබෙන වරප්‍රසාදයකි.බොහෝ විට කෙරෙන්නේ බන්ධනාගාර රෝහලට මාරු කිරීමයි.

අතුරුදන්

විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලි ඇතුළත් ලිපි ගොනු දෙකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අනුරාධපුරයේදී ප්‍රකාශ කළේය.

විමල් ගේ මෙහෙයුම

මොනවා වුනත් කීමට යමක් කීමට ඇති දේශපාලකයෙක් ලෙස විමල් වීරවංශ නමක් දින ගනිමින් සිටී.

ඔහුට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව කට උත්තරයක් දීමට පොලීසියට  ගොස් එලියට පැමිණි වීරවංශ කියා සිටීයේ හෙට අනිද්දා තමන්ගේ දරුවන්ටත් එරහිව චෝදනා ඉදිරිපත් විය හැකි බවයි.

 

[vsw id=”/0ldl1-BqQ6E” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

අතර වාරේ  විමල් වෙනුවෙන් පෙනී සිටින වෙබ්  අඩවියක් බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ ඡයාරූපයක් පල කෙළේය.

shfgsgs (1)

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.