wimal’s Wife සෂි අත් අඩංගුවේ

 

DSC_2

 

ව්‍යජ නම් සහ උපන්දින ඇතුළත් කර සාමාන්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙකක් සකස් කළැයි සැකපිට හිටපු ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාලබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරන බවට ලද තොරතුරකට අනුව එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශෂී වීරවංශ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කරනු ඇති බවයි.ඇය සඳුදා (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තම බිරිඳ අසනීප තත්වයේ පසු වූ බැවින් රෝහල් ගත කර සිටි බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා ඇත්තේ.

සිය බිරිඳ තවමත් අත්අඩංගුවට නොගන්නේ මන්දැ’යි විමල් වීරවංශ පසුගිය දා නුගේගොඩ පැවති රැළියේ දී ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණි.

අපහාසයට මම වන්දි නඩු පවරනව-විමල් වීරවංශ

ද පස්වරු 7.00ට රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තම බිරිඳගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ ‘රජය බලයට පත්වෙලා මාස එකහමාරක් මාධ්‍ය සංදර්ශන ගණනාවක් තියල අන්තිමට තෝරු මෝරු අතෑරල හාල්මැස්සෙක්ව අල්ලගෙන. මේ වරදට උසාවි ගෙනියන්න ඕනෙ පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මිසක් මගේ බිරිඳ නෙමෙයි. මීට වඩා කරුණු මට මාධ්‍යට කියන්න බෑ. අපි ඒව හෙට උසාවියෙදි බලා ගම්මු. මගේ පවුලට සිදු වෙච්චි අපහාසයට මම වන්දි නඩු පවරනව. අද බිරිඳව අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරනවා. එච්චරයි මට කියන්න තියෙන්නෙ. අන්තිම ලැජ්ජයි මුළු ආණ්ඩුවක් එක්කහුවෙලා වීරයො වගේ දරුණු අපරාධකාරයෙක්ව අත්අඩංගුවට ගන්නව වගේ ගෑණියෙක්ව අල්ලන එක. හොඳයි අපි බලමුකො මොකද වෙන්නෙ කියල’ යනුවෙනි.

 

Wimal Weerawansa’s wife arrested

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.